49 කොටස

14K 1.4K 765
                                    

" එපාවෙනවා අනේ.. අම්මේ!!!!!!!!!!!!!"

" මොකද ළමයො.."

" අම්මෙ මගෙ යුනිෆෝම් දෙක මේක අස්සට දාලා දෙන්නකො.. මට පිස්සු වගේ තාත්තෙ.. හංස කුමාරයට පිස්සු හැදිලා මැරෙන්නයි යන්නෙ.."

මම මගේ දුක කිය කිය සාලෙ මැද්දෙන් කුස්සියට යද්දි මගදි හම්බුණ තාත්තගෙ ඇඟට කලන්තෙ දැම්මා.. මේ ගෙදර කලන්තයක් හැදුනත් අල්ලගන්න මට ඉන්නෙ මගේ හංස තාත්තා විතරනෙ.. 

" මොකක්ද දැන් පිස්සු හැදෙන්න වුණේ.."

" ඉතින් මම කීයක් කරන්නද.. අනිද්දට මම බෑන්ඩ් එකේ ලීඩර් වෙනවා.. ඊටපස්සෙ හවුස් එකේ ගේම්ස් කැප්ටන් විදියට හවුස් එක රිප්‍රසන්ට් කරන්න ඉන්නවා.. ඊටපස්සෙ ඊළඟ දවසෙ ස්ටූඩියෝ.. ක්ලාස්.. මියුසික් ක්ලාස්.. ආෆ්ටර් ස්කූල්.. ඒ මදිවට ක්ලබ් එකෙත් කැම්පේන් එකක්ලු.."

" මුලදිම මම කිව්වා අමාරුනම් ස්ටුඩියෝ යන වැඩෙයි මියුසික් ක්ලාස් එකයි නතර කරන්න කියලා.. ඇහුවෙ නෑනෙ.."

" පණ්ඩිතකමනෙ සාලිය.."

මම තාත්තව වෙලාගෙන ඉද්දි අම්මා පොල් වතුර පුරෝපු වීදුරුවක් ගෙනත් මට දුන්නා.. අම්මගෙන් මම හැමදාම පොල් වතුර ඉලගන්නවනෙ බොන්න.. ඒක පුරුද්දකට ගිහින් දැන් අම්මා හැමදාම පොල් ගෙඩියක් බින්දොත් මට ඒකෙ වතුර දෙනවා.. පොල් වතුර අහක දාන්න හොඳ නෑ.. ඒවා රහයි..

" හෙට උදේට රධ්‍ය පුතාලගෙ ගෙදර යන්නෙ කොහොමද.. මම ගිහින් ඩ්‍රොප් කරන්නද.."

අම්මා සෝෆා එකේ ඉඳගෙන හැමතැනම දාලා තිබ්බ මගේ බ්ලෙසර් එකයි බෑන්ඩ් එකේ යුනිෆෝම් එකයි.. සුදු ශෝට් එකේ හවුස් එකේ නම ප්‍රින්ට් කල්ලා තියන ශර්ට් එකයි සේරම අරගෙන අයන් කරන කාමරේට ගෙනිච්චා.. මම පුටුවකින් වාඩිවෙලා පොල් වතුර එක බිබී මනෝ ගහන්න.. මොකක් හරි විශේශ දෙයක් වෙන්න තියනකොට ඒක වෙනකල්ම වැඩක් කරන්න හිතෙන්නෙ නෑනෙ.. අම්මා මගෙන් මොකක් හරි ඇහුවද..??

" ආ නෑ.. මේහ්.. යාළුවෙක් එනවා කිව්වා පික් කරන්න.."

" කව්ද යාළුවා.."

මම ශේප් එකේ තාත්තා දිහා බලලා ඇඳුම් අයන් කරන කාමරේට රිංගගත්තා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now