76 කොටස

15.4K 1.5K 823
                                    

අයුක අයියා දවල් ෂනෙරුයි රධ්‍ය අයියලයි ආවට පස්සෙ සාමාන්‍යෙන් හොඳින් හිටියා.. ඒ ඇරෙන්න ආධ්‍ය අයියා, ඉසිවර අයියත් අයුක අයියව බලන්න හොස්පිට්ල් ඇවිත් කතාබහ කල්ලා ගියා.. ආධ්‍ය අයියයි ඉසිවර අයියයි කතාකරනවා කතාකරනවා ඉවරයක් නෑ අපිට ඒ මෙලෝ දෙයක් තේරුණේ නෑ.. අමුතු අමුතු වචන කියනවා දෙන්නත් එක්ක අරකයි මේකයි කිය කිය ආගිව් කරගන්නවා.. මට  නම් හිතුණේ ආධ්‍ය අයියා කාලෙක ඉඳන්ම ඉසිවර අයියව අඳුරනවද කොහෙද.. ආධ්‍ය අයියා එයාට තියන ප්‍රශ්ණ වගේකුත් අපේ අයියත් එක්ක කුටු කුටු ගානවා මට ඇහුණා.. ඊටපස්සෙ ඉසිවර අයියා මාව එළීයට එක්කන් ගිහින් මටත් බැන්නා.. එයා මුලින් කිව්වා වගේ කලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් කළානම් මෙහෙම වෙන්නෙ නෑ කියලා.. ඒත් මම කොහොමද ඒ පවුලෙ වෙන දේවල් වලට විරුද්ධ වෙලා අයුක අයියව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්නෙ..?? එහෙම කරන්න බෑනෙ.. සංහිතයා මාව හොයන් ඇවිත් මාවත් මරලා අසල්වැසියොත් මරලා යයි.. 

ආයෙ දවල් වෙන්න කියාන් අයියගෙ පේරන්ට්ස්ලා ආවා.. ඒ ගෙදර ඔක්කොම මිනිස්සු මාර හැපී එකේ ඉන්න අයද කොහෙද.. අයුක අයියව හිනාගස්සන්න ඒ අංකල් විකාර කතා කිය කිය හිටියා.. මට පේන්නෙ කියාන් අයියමද කොහෙද ඒ ඉන්නෙ.. කිසි වෙනසක් නෑ බ්‍රේක් නැති කට ඒ විදියටම පිහිටලා තියනවා.. අනික අයුක අයියයි රධ්‍ය අයියයි ඒ පවුල් වල අය තරම්ම ළඟයිලු.. ප්‍රයිමරි කාලෙ ඉඳන්නෙ ඒ යාළුකම තියෙන්නෙ.. සල්ලි තියනවා හෙනම පොහොසත් කියලා ඒ පවුලෙ කිසි ලොකුකමක් නෑ.. ඒකට රධ්‍ය අයියලගෙ ගෙදර..!! මෙහේ ඉන්න වෙලෙත් උගේ අප්පච්චි කෝල් කල්ලා මොනවද කියලා රධ්‍ය අයියා බැන බැන හිටියෙ.. මට රධ්‍ය අයියගෙ අම්මව ලොකු මතකයක් නෑ.. එයා එන්නෙම නෑ ඉස්කෝලෙට වැඩිය.. අප්පච්චියව දැකලා තියනවා රධ්‍ය අයියා වගේම උස මහත මාරම සැර ඩයල් එකක්.. එකසැරයක් ග්‍රේඩ් සික්ස් ප්‍රයිස් ගිවින් එකට ඇවිත් මගේ එහාපැත්තෙ ඉඳගෙන හිටියෙ.. අපෝ මට එදා හෙනට බය හිතුණා.. බය නිසා මම අපේ තාත්තගෙ අතක් බදාගෙන මූණ පොඩ්ඩක්වත් ඒ දිහාට හරවන්නෙ නැතුව හිටියා.. අපේ තාත්තා හුඟක් හිනා නොවුනට සැර පාටට හිටියට එහෙම නෑනෙ.. ෂනෙරුවට මාමණ්ඩියා එක්ක කොහොම ඉහ ගහගන්න පුළුවන් වෙයිද දන්නෑ.. මට හිතෙන්නෙ ආධ්‍ය අයියත් බූට කාලා තියෙන්නෙ අප්පච්චි නිසාද කොහෙද.. 

BROKEN MIRRORS | ONGOINGWhere stories live. Discover now