35 කොටස

12K 1.4K 657
                                    

" සෙනුක.. පුතා පහළ ලැබ් එකෙන් කොපර් සල්ෆේට්, කෝබෝල්ට් ක්ලෝරයිඩ් බෝතල් දෙකක් ඇති.. ඒක ගේන්නකො.. ලැබ් එකේ යුවනි අක්කා ඇති.."

" හරි මෑම්.."

" අනිත් ළමයි පොත් අරගන්න.. කෝ ප්‍රැක්ටිකල් බුක් ගෙනාවද.. ඇවිත් මේසෙන් තියලා යන්න.."

අපි හිටියෙ කෙමෙස්ට්‍රි පීරියඩ් එකේ ලැබ් එකට වෙලා ප්‍රැක්ටිකල් කරන්න.. බයෝ සෙක්ශන් එකේ යට ලැබ් තුනක් තියනවා.. පිසික්ස්, කෙමෙස්ට්‍රි, බයෝ වලට ලැබ් තුනයි.. ඒ ඔක්කොන්ටම පොදුවෙ රසායනාගාරයක් තියනවා.. ඒවගෙ කෙමිකල් ඉවරවෙලා නිසා මම නැගිටලා අපේ ජූනියර් ලැබ් එකට එන්න ආවා.. බයෝ කරන්න ආවට මොකද දැන් ඉස්සර වගේ ඉස්කෝලෙ පුරා කරක් ගහන්න වෙලාවක් නෑ.. මැඩම්ලා හම්බෙන පොඩිම පොඩි වෙලාවෙත් උගන්නනවා.. පහුගිය කලබල කාලෙ මොකුත්ම කරගන්න වුණේ නෑ.. රධ්‍ය අයියලාට එක්සෑම් එකට හරියටම මාසයයි.. මේ දවස්වල ඉස්කෝලෙ අනාවරණ පරීක්ශන වගයක් යනවා.. ඒක නිසා ඒ ලෙවෙල් කරන උන් සේරම වගේ ඉස්කෝලෙ එනවා.. මම පඩිපෙළ බැහැගෙන ජූනියර් ලැබ් එකට ගිහින් යුවනි අක්කගෙන් කෙමිකල් බෝතල් දෙක ඉල්ලගත්තා..

රධ්‍ය අයියලා එක්සෑම් ලියනවා කියන්නෙ මේ යන්නෙ අපේ දොළහෙ තුන්වෙනි වාරෙ.. මේ අවුරුද්ද මොකට ගෙවුණද හිතාගන්න බෑ.. කීයක් දේවල් නම් වුණාද.. බැක් ටු නෝමල් ලයිෆ් එක හුරුත් නෑ වගේ.. වෙනදා වගේ ක්ලාස් යන්නයි, ඉස්කෝලෙ එන්නයි, පාඩම් කරන්නයි.. මටත් දැන්නම් එපාම වෙලා තිබ්බෙ බයෝ කෙරුවාව.. මේ මධ්‍යකාලීන විශාදය බයෝ මැත්ස් කරන උන්ගෙ.. උගන්නන සමහර ලබ්බවල් තේරෙන්නෙත් නෑ.. දමලා ගහලා පොල් කඩන්න යන්නත් හිතෙනවා.. ඒ වුණාට මම උස තැන් වලට ටිකක් බයයිනෙ..

දහතුනට යන්න කලින් අපිට අලුත් පට්ටම් ටිකක් හම්බුනා.. එකක් අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා මම බෑන්ඩ් ලීඩර් වුණා.. ෂනෙරුවා බැඩ්මින්ටන් ක්ලබ් එකේ කැප්ටන් වුණා.. ජොනා ක්‍රිකට් ක්ලබ් එකේ වයිස් ප්‍රසිඩන්ට් වුණා.. සයෝන් අයියා ස්විමින් ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් වුණා.. රධ්‍ය අයියා කැඩෙට් සාජන් වෙන්න ඉන්නෙ.. තාම නෑ.. කියාන් අයියා රගර් ටීම් එකේ කැප්ටන් වුණා.. තව මොකක්ද සප්‍රයිස් එකක් ගැන කියන්න තියනවයි කිව්වා.. අනේ මහ පගයොන්ගෙ සප්‍රයිස් අපිට ඕන්නෑ.. කොහොමත් මේ ඒ ගොල්ලො හම්බෙන අන්තිම කාලෙනෙ.. එහෙම මතක් වෙද්දිනම් හිතට පොඩ්ඩක් දුකයි..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now