77 කොටස

11.2K 1.2K 1.2K
                                    

" කව්ද දැන් ඔය ලෙඩ වෙච්ච යාළුවා.. අයුක පුතාද..??"

අපේ අම්මා උදේ පාන්දර නැගිටලා කෑම හදන ගමන් පොල් ගාන මං දිහා හැරිලා බැලුවා.. මේ අක්කත් එක්ක බොරුවක්වත් හරිහැටි කියාගන්න බැරි හැටි.. මෙහෙම අහද්දි මගේ හිසේ සිට පාදාන්තය දක්වා නළියන්න ගන්නවා.. අපේ තාත්තට ඇහෙයි කියලා.. මම අම්මා කතාකළා ඇහුණෙ නෑ වගේ තව ටිකක් හයියෙන් පොල් ගාන්න ගත්තා.. ඊයෙ මම හිනාවෙවී ගෙදර ආවහම අපේ තාත්තා හිතුවෙ එක්ස් කියන අඥාත කෙල්ලගෙ ලව් සික් එක මගෙන් දුරුවෙලා කියලා වුණත්, අපේ අම්මා..?? අම්මට කොහෙන්හරි දුමක් පේනවනම් ගින්දර හටගත්තු විදියෙ ඉඳන් දැනෙන්න ගන්නවා.. ඒත්-අම්මගෙන් මොකුත් හංගන්න හිතෙන්නෙත් නෑ මොකද අම්මට මට හුඟක් ළඟ නිසා.. ඊයෙ කොච්චර හිතාගෙන හිටියත් අම්මට අයුක අයියා ගැන කියන්නෙ නෑ කියලා මේ දැන් හිතුනු හදිසි සිතුවිල්ලකට එයා ගැන කියන්නත් හිතුණා..

" පුතා..!!"

" ම්ම්.."

අම්මා මගෙන් පොල් බෑය උදුරලා ගත්තා..

" ඒ අයුක පුතාද.."

මම අම්මා දිහා බලන් ඉඳලා ලොකු හුස්මක් අරගත්තා..

" ම්ම්.. ඔව්.."

" ඉතින් ඇයි ළමයො මට කිව්වෙ නැත්තෙ..?? අච්චර ගෙදර ඇවිත් කාලා බීලා ගියපු ළමයා.. කිව්වනම් මමත් එනවනෙ බලන්න යන්න.. මොකද දන්නෙ නැති ළමයෙක් නෙමෙයිනෙ.."

" ඒ වුණාට.. තාත්තා ඇහුවොත්..?? අම්මා දන්නවනෙ අයුක අයියගෙ තාත්තා ගැන රටේ මිනිස්සු කියන්නෙ හොඳ කතා නෙමෙයිනෙ.. තාත්තා කිසිම දවසක කැමති වෙන්නෙ නෑ මම එහෙම යාළුවෙක් ආශ්‍රය කරනවා කියලා අහන්න.."

" ඒත් ඒ පොඩි ළමයෙක්නෙ.. දැක්කහම මට නම් වැරැද්දක් පෙනුණෙ නෑ.. මොකෝ මම පුරුදු වෙන්න ළමයි එක්ක ඉන්නවද.. දවසෙන් වැඩි හරියක් ඉන්නෙ ඔයාලගෙ වගේම බෝයි ස්කූල් එකක.. අනික ඒකෙ ඉන්නෙ මහ වසවර්තියො.. ඊයෙත් බිග්මැච් ව්ලට රණ්ඩුවක් වෙලා මගේ පන්තියෙ ළමයි තුන්දෙනෙක් හොස්පිට්ල්.."

" අපෝ මරදාන බෝඩරේ හෙන භයානකයි.. එක්කො උන්ගෙ රණ්ඩුවක එක කොණක ඉන්නෙ සුදුගවුමක්.. එක්කො ක්‍රිකට් පිත්තක්.. ඒක නෙමෙයි අම්මලගෙ ඉස්කෝලෙ නේද අර 'රට රකින අපේ විරුවා සිංදුව එහෙමත් දැම්මෙ' ඉක්කෙ නේද.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now