14 කොටස

20.4K 1.9K 378
                                    

පහුගිය සතිය සාමාන්‍ය විදියට ගෙවීගෙන ගියා.. ඉස්කෝලෙ දෙවෙනි වාර විභාගෙ පටන් අරගන්න තිබ්බෙ දවස් දෙකතුනක් වගේ පොඩි කාලයක්.. පන්තියෙන් ඇවිත් හිටියෙත් පස් හය දෙනයි.. මම කොහොමත් ඉස්කෝලෙ එන්න එපැයි අපේ අම්මා නැත්නම් බනිනවා.. කැම්පස් යන්න වගේ ස්ටඩී ලීව් දානවා ඔලුව හොඳ නෑ කියලා.. අනික උදේට සයිඩ් ඩ්‍රම් ප්‍රැක්ටිස් තියනවා.. ෂනෙරුත් ගමේ ගිහින් ඉස්කෝලෙ ආවෙ නෑ.. ඌ නැතුව මේ ඉස්කෝලෙ මට මොන මගුලවත් කරන්න හිතෙන්නෙ නෑ.. පේන්න හරි ඉන්න ඕන.. කටහඬ අහන්නවත් නැති වුණාම මට හරියට සාංකාව වගේ.. යාළුවා නැති දවස සමානයි පරිප්පු නැති හෝටලේ වගේ.. ෂනෙරුවත් නැති නිසා රධ්‍ය අයියත් ඉස්කෝලෙ ආවෙ නෑ එක්සෑම් එකට පාඩම් කරන්න ගෙදර නැවතිලා.. රධ්‍ය අයියා එන්නෙ නෑ කියන්නෙ අර අලි පැටියත් ඉස්කෝලෙ එන්නෙ නෑනෙ.. අනිකා කලින්ම නැවතුනා කකුලක් මැහුම් දාගෙන..

" අහෝ අහෝ කෲර ලෝකෙ මේ අහිංසක හංසයා තනිවෙලාහ්..!!"

මම පන්තියෙ අන්තිම පෝළිමට වෙලා තනිපල යකා වගේ බුද්ධාගම පොත පාඩම් කරන්න ගත්තා.. අපේ ඉස්කෝලෙ පේපර් හැදිල්ල ගැන කියනවනම් පාඩමේ පෙරවදනෙඑ ඉඳලවත් කියවන්න ඕන ඒවා ලියන්න.. සාමාන්‍යෙන් පේපරේකට අනූව පන්නලා ගන්නවා කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් තමා.. බුද්ධාගම පේපරේ පුහුණුවට තියන  ගාථාත් අපිට විභාගෙට දෙනවා.. තියන ලොකුකමට පළාත් පේපර් ගන්නෙ නෑ ඉස්කෝලෙන්මනෙ හදලා දෙන්නෙ.. කොළඹ කලාපෙන් හදන ඒවනම් අමාරුයි.. පළාත් ඒවට වඩා.. මෙහේ ඉස්කෝලවල සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පළවෙනි වාරෙ ඉස්කෝලෙන් පේපර්ස් හදලා දෙනවා.. නැත්නම් කොළඹ ඉස්කෝල එකතුවෙලා නැණපවුර කියලා එකක් කරගෙන යනවා.. ඒකෙන් පේපර්ස් දෙනවා.. දෙවෙනි වාරෙ කොළඹ කලාපෙන් දෙන්නෙ.. තුන්වෙනි වාරෙ බස්නාහිර පළාතෙන් දෙන්නෙ.. කොයි එකෙන් ආවත් සිංහල පේපරේනම් ලාවට ලාවට ආරංචිමාර්ග අපේ අම්මගෙන් දැනගන්න පුළුවන්.. මව් බිසව ඒවා එළි කරන්නෙ නෑනෙ.. මම ගිහින් අම්මගෙන් ඇහුවහම..

" අම්මෙ අම්මෙ මොනවද දන්නෙ නෑ නේද මේ සැරේ විභාගෙට එන්නෙ.. විචාර එහෙම නේද.."

කියලා.. 

" විභාගෙට එන්නෙ  පෙළපොත් වල තියන ඒවනෙ පුතා.. පාඩම් කල්ලා ලියනවනම් ලේසියි.."

BROKEN MIRRORS | ONGOINGKde žijí příběhy. Začni objevovat