71 කොටස

9.4K 1.2K 520
                                    

" ගෝඩ් සෙනුක..!! ටේක් අ ඩීප් බ්‍රීත්.."

" කැහ්-කැහ්-කැහ්-"

" අනේ බං.. සෙනු-"

" නෑ නෑහ්.. අවුලක් නෑ.. බෙරිහන් දෙ-කැහ්-කැහ්.."

මම වොශෲම් එකේ බිත්තිය අලගෙන එකදිගට එකදිගට වමනෙ කළා.. උණ හැදෙන්න වගේ මුළු ඇඟම රස්නෙයි.. චමිරු කාමරේ ඉඳන් දුවගෙන ඇවිත් මාව බදලා අල්ලගත්තා.. ඌ ගාවින් දැනුණෙ මට පුදුම ලෙන්ගතු හැඟීමක්.. කවදාවත්ම කතානොකළත් හුඟ කාලෙක ඉඳන් දන්නවා වගේ මට දැනුණා.. එහෙම වුණේ ඌ මාව බේරගත්තු නිසාද, අකමැත්තක් වගේ ඉස්සර ඉඳන්ම තිබුණු යාළුකමක්ද කියන්න තේරෙන්නෙ නෑ.. මම පපුව අල්ලගෙන චමිරුගෙ ඇඟට වාරු වුණා..

" සෙනුක උඹට බෑ බං.. පොඩ්ඩක් නිදාගනින් කිව්වම අහලා.. එක්කො කෑම කාපන්.. උඹට කන්න බැරිද.. හා බැරිද..??"

මම චමිරුගෙ පැත්ත හැරිලා උගෙ උරහිසට ඔලුව ගහගෙන සෑහෙන්න ඇඬුවා.. චමිරු මාවත් අල්ලගෙන බිත්තියට වාරු වුණා.. අයුක අයියා අන්තිම සැරේ මාත් එක්ක හොඳට ඉඳලා ආයෙම කෑම අරන් මම ළඟට එද්දි කොහෙන්දෝ හොයාගත්තු වීදුරු කෑල්ලක් අතට තියාගෙන ළඟට එන්න එපා කියනවා.. මම ළඟට නොගිහින් කොහොමද එයාට හැමදේම හොඳින් කියලා කියන්නෙ..?? මට යන්න ඕන.. මට බය වෙන්න දෙයක් නෑනෙ.. ඇයි මේ හැමදෙයක්ම වැරදි විදියට සිද්ධ වෙන්නෙ.. ඉසිවර අයියා බල කල්ලම අයුක අයියව මෙන්ටල් හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න කියනවා.. ඒත් එහෙම කරන්නත් අයුක අයියගෙ සීයා වත් ලංකාවෙ නෑ.. සංහිතයා මාව මරාවිද කියන්න බෑ.. මෙතනින් එළියෙ කිසිම ආරක්ෂාවක් නෑ කියලා මට හොඳටම දැනුණා.. අද රෑ මගේ අම්මයි තාත්තයි-

" මම මොකක්ද දෙයියනේ මේ කරගත්තෙ චමිරු.."

චමිරුටත් උත්තර තිබ්බෙ නෑ මම අහන ප්‍රශ්ණ වලට.. 

" නාඬ හිටපන් උඹට මම-"

"....."

 " ඉ-න්නවා.. උඹට මාව විශ්වාසද දන්නෑ.."

මම චමිරුව තව ටිකක් තද කල්ලා බදාගත්තා.. ඌත් ආපස්සට මගේ පිටට තට්ටු කළා.. 

" උඹ නාවනම් මම මොකද කරන්නෙ.. මට බයයි.. මම මෙහෙම දේවල් දැකලා නෑ චමිරු.. අර මිනිස්සු මැරෙයිද.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYUnde poveștirile trăiesc. Descoperă acum