59 කොටස

17K 1.3K 1.7K
                                    

පන්සලේදි අයුක අයියව හමුවුණාට පස්සෙ ආයෙම එයාව මට මුණගැහුනෙ හොස්පිට්ල් එකේදි.. අම්මලාට කිව්වෙ ගයනිකා අක්කලගෙ ගෙදර ගිහින් එනවා කියලා.. අක්කා දැනගෙනනෙ හිටියෙ.. වෙනදා වගේම තමයි.. කිසි වෙනසක් නැතුව හැමදාම මූණ දෙන දේවල් වලට එදත් මම මූණ දුන්නා..

අවුරුද්ද දවසෙ අපේ ගෙදර හවස් වෙද්දි මුළු ගමම ඇවිත් පිරිලා.. අපේ ගෙදරට සාමාන්‍යෙන් හැමෝම වගේ එනවා ප්ලේට්ස් අරගෙන.. ඉතින් ආපු අය එක්ක කතාකරන්න ගියහම එක කටක් මදී.. අම්මටත් හුඟක් ගෙදර වැඩ.. එන අයට සංග්‍රහ කරන්න එපැයි.. අවුරුදු කිව්වට වැඩ කරන්න ගියහම අවුරුද්ද කියන තරම් ආතල් එකකුත් නෑ.. මම හිටියෙ හෙන මහන්සියෙන්.. ඊටත් වඩා ඔලුවෙ වැඩ කළේ අයුක අයියා අර මඟුල් මන්දිරේට රිංගගෙන මොකක් හරි ප්‍රශ්ණයක්වත් වුණාද කියලා.. රෑ තුනෙන් පස්සෙවත් මට කෝල් එකක් ඇවිත් තිබ්බෙ නෑ.. මට බය හිතෙන එක අහන්නත් දෙයක්ද.. කොහොමහරි පහුවදා උදේ අයුක අයියා කතාකල්ලා කිව්වා පාන්දර හතර විතර වුණා කියලා ගෙදර එද්දි.. චමිරුගෙ අම්මා රණ්ඩු කරනවලු.. චමිරුගෙ අයිතිය ඉල්ලලා.. සීයා රණ්ඩු වෙනවලු අයුක අයියට අයිති දේවල් කසාද සහතිකේවත් නැති ගෑණියෙක්ගෙ පුතෙක්ට දෙන්න බෑ කියලා.. මොකද චමිරුට අක්කෙක් ඉන්නවා.. චමිරුගෙ අම්මට කලින් හස්බන්ඩ් කෙනෙක් හිටියා.. ඊටපස්සෙ චමිරු හම්බෙන්න ආවහම තමයි ඒ මනුස්සයා චමිරුගෙ අම්මව ඩිවෝස් කල්ලා අක්කවත් අරගෙන රට ගිහින් තියෙන්නෙ.. මන්දා ඒ පවුල් වල තියෙන්නෙ අපි මේ අහන දකින ප්‍රශ්ණ නෙමේ.. ඊටත් වඩා විසාල ප්‍රශ්ණ..

අයුක අයියා කියනවා සීයා ලේසියෙන් එයාව අතාරින පාටක් නැහැල්ලු.. මොකද සීයා ආදරේ අයුක අයියටනෙ.. අයුක අයියට දහ අට සම්පූර්ණ වුණහම එයාගෙ දේපළ වලට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් විදියට සීයා ඩොකියුමන්ට් හදලලු තියෙන්නෙ.. හරිනම් දැනටත් ඒවා ගැන අයුක අයියා හොයලා බලන්න ඕන.. ඒත් කැම්පස් ගිහින්වත් නැති නිසායි, ඉස්කෝලෙ යන නිසායි සීයා පොඩි බුරුලක් දීලා තියේලු.. ඒකෙන් මේකෙන් චමිරු තව ටිකක් පිස්සු නටන එක වැඩිවෙලා.. ඌට විස්ස ලැබුවා විතරයි ක්ලබ් යන්න අරගෙන.. ක්ලබ් වල ඉන්න කෙල්ල් ගෙදර උස්සන් එනවලු.. අනික චමිරුගෙ ගෙදරත් මහ අමුතුයි.. ඒ අම්මට මෙලෝ හැදියාවක් නෑ.. තමන්ගෙ ළමයා ඉස්සරහා එක එක මිනිස්සු ගෙදරට ගෙන්නගන්නවයි.. බදාගෙන ඉඹගන්නවයි.. බොනවයි.. ඔහොම ප්‍රශ්ණ ගොඩයි චමිරුටත්.. එයා පොඩි කාලෙ ඉඳන් ඒවම බලාගෙන ඉඳලා අනුකරණය කරන්න අරගෙන.. සීයා ඔව්වටත් හිතේ අමනාප තියාගෙනලු චමිරුව මේ පවුලෙ බිස්නස් වලින් අයින් කරන්න හදන්නෙ.. එයාගෙ එක වැරදීමකින් හරි ඔය සේරම කඩා වැටුණොත් ප්‍රශ්ණයක් වෙන නිසා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now