10 කොටස

15.4K 1.5K 532
                                    

" පලයන්.. ගිහින් සමාව ගනින්.. මීහරකා..!!!"

" අනේ බෑ ඒයි.. ඕකි සපත්තුවෙන් අයුකට ගැහුවා කියන්නෙ මාව බිම දාලා පාගාවි බං.."

" ඒවා අපි දන්නෙ නෑ.. උඹට කරනකොට හොඳනම් සමාව ගන්න බැරි වෙන එකක් නෑනෙ.. අපිටත් හොඳ වැඩේ බං මූට උදව් කරන්න යනවට.."

කියාන් අයියව මරන්න ගෙනියන හරකෙක් වගේ රධ්‍ය අයියා ඇදගෙන ගියා.. ඊට පිටිපස්සෙන් අයුක අයියයි මමයි ඇවිදගෙන ආවා.. මුන්ගෙ ලබ්බකට පැත්තක ඉඳපු මාවත් අහුවෙනවා දැන්.. ෂනෙරු දැක්කොත් මල මගුලක් වෙන්නෙ.. ඊයෙ අයුක අයියා ස්විමින් ප්‍රැක්ටිස් ඉවරවෙලා ඉන්න කිව්වෙ ඇයිද කියලත් අහන්න හිතෙනවා.. පස්සෙ මූ හිතයි මම ඒකගැනම හෙන උනන්දුවෙන් ඉන්නෙ කියලා.. එහෙම ඕන නෑනෙ අනවශ්‍ය උනන්දුවක් ඇතිකරගන්න.. එයැයිට ඕන එකක් හිතාගන්න කියනවා.. ගෝත ඔලුබක්කා එන හැටි විතරක්..

" අනේ රධ්‍ය මම පස්සෙ කියන්නම් බං.. අර බලහන් රවාගෙන ඉන්න හැටි.."

රධ්‍ය අයියා කියාන් අයියව ඉස්සරහට තල්ලු කල්ලා පුපට පයින් පාරක් දුන්නා.. කියාන් අයියා රගර් ගහද්දි උරහිස් වලට දාන තඩි ගාඩ්ස් දාගෙන අලි පත්තරංග ජාතකේ වගේ කොන්ද කෙලින් කරන් බැම්ම උඩ ඉඳගෙන පාසළඹ ගලවන ආශි ගාවට ඇවිදගෙන ගියා.. මමයි, අයුක අයියයි, රධ්‍ය අයියයි එතන තිබ්බ ගහට හේත්තු වෙලා ඒ සමයම දිහා බලාගෙන හිටියා.. 

" මූටනම් අම්මපා ගහන්න හිතෙනවා කනපැලෙන්න දෙකක්.."

" උඹ කේන්ති ගන්නැතුව හිටහන්.."

අයුක අයියා කටේ ගහගෙන ඉඳපු ලොලිපොප් එකක බටේ හපලා හපලා 'පොහ්' ගාලා විසික් කල්ලා දැම්මා..

" කේන්තිගන්නෙ නැතුව කියන්නෙ..?? පව් බං ඒ ළමයා.. මොකක් වුණත් කෙල්ලෙක්නෙ.."

" උඹට අමාරුව ෂනෙරු මේකි එක්ක ඉන්න නිසානෙ.."

" පිස්සුද.. එහෙම මගුලක් නෙමේ.."

" එව්වා වැඩක් නෑ.. හවසට සෙට් වෙමු.."

" බලමු.. මම අරපැත්තට ගිහින් එන්නම් පොඩ්ඩක්.. ඔතන ඉඳහන්.."

රධ්‍ය අයියා අයුක අයියගෙ උරහිසටත් තට්ටුවක් දාගෙන බැම්මෙන් එහාපැත්තට පැනලා දුවගෙන ගියා.. දැන් මූයි මායි විතරයි මේ මධුර ජවනිකා දිහා බලාගෙන ඉන්නෙ.. ආශිට කියාන් අයියා මොනාහරි පැහැදිලි කල්ලා දෙනවා.. ආශි කටත් ඇරගෙන අහගෙන ඉන්නවා.. කියාන් අයියා මොකක් වුණත් වැරදී ඒකිට කරපු වැඩේ.. මට පැහැදීමක් නෑ ඒ ගැන හිතේ අනික..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now