119 කොටස

9.4K 1.1K 800
                                    

වෙලාවකට හිතෙනවා කාලෙ කොච්චර ඉක්මනින් ගෙවෙනවද කියලා.. එක එක කාල සීමා වලදි මූණ දුන්නු ප්‍රශ්ණ වෙලාවකට සරල වෙනවා, වෙලාවකට ඒක් අකාලෙත් එක්කම යටපත් වෙලා යනවා, සමහර ප්‍රශ්න ජීවිතේට එකතුවෙනවා.. බලන් යද්දි ජීවිතේම ප්‍රශ්ණ පත්තරයක් ප්‍රැක්ටිකල් වලින් පස්සෙ උත්තර හදාගන්න වෙන.. ඒත් ඒ ටයිම් පීරියඩ් ගෝ තෲ කරලා ආපස්සට හැරිලා බලද්දි හිතට මං ගැනම වෙලාවකට ආඩම්බරයි, නැත්නම් අනුකම්පාවයි, නැත්නම් සතුටුයි.. ඒක මට මං වෙනුවෙන්ම ඇතිවෙන බොහොම අහිංසක සතුටක්.. කාටවත්ම නොකිය මූණෙන් හිනාවක් මවාගෙන මං ගැනම පොඩි හරි ආත්මතෘප්තියකින් පහළ දාන හුස්මක හැංගිලා තියන දේවල් ගොඩයි.. අපි මනුස්සයෙක්ට විවෘත වෙනවා කියන්නෙ සීයට සීයක් හැමදේම කියනවා කියන එක නෙමෙයි.. මට අනුව සමහර දේවල් කෙනෙක්ට නොකියන තරමට මගේ හිතට සැනසීමක්.. ඒත් මම විවෘත වෙන කීපදෙනාගෙ එක්කෙනෙක් හරි මම නොකියන කොටස, මූණ බලලා හෝ කටහඬින් හෝ තේරුම් අරගෙන 'ඔයා හොඳින්ද' අහනකොට පහුගිය කාලෙ කරපු කැපකිරීම් වල, තෝරාගැනීම් වල වැරැද්දක් නෑ කියලා මටම දැනෙනවා.. සතුටු හිතෙන්න මහා විසාල දේවල් ඕන නෑ..

මම කාමරේ ඇඳෙන් ඉඳගෙන දැන් ටික දවසකට කලින් අපාර්ට්මන්ට් එකට ගිය වෙලාවෙ හම්බුණු පාර්සල් එක අල්මාරියෙ යතුරු දාන කෑල්ලෙන් අරගෙන ඇඳ උඩින් තියාගත්තා.. ලෙටර් එකක් කිව්වට මේක ලෙටර් එකක් නෙමෙයිනෙ.. මේ මනුස්සයා පාර්සලේ අඳුරන්නෙ නෑ, ලෙටර් එක අඳුරන්නෙ නෑ.. මල පනිනවා වෙලාවකට හරියටම දේවල් කියන්නෙ නැතිවුණාම.. අයුක අයියගෙ එක සයිඩ් එකක් තියනවා හෙණ පිට හෙණ ගහලා, අන්තෙටම වැටිලා, කොච්චර පරිණත වෙලා නැගිටින්න හැදුවත් තොත්ත බබෙක් වගේ හැසිරෙන.. ඒක අනිත් මිනිස්සුන්ට පේනවද නැද්ද මන්දන්නෑ ඒත් මටනම් මූ කරන හැම වැඩේම මෙහෙමයි.. 

මම මේ පාර්සල් එක ගන්න කලින් කෝල් එකක් දීලා ඇහුවා හරියටම එව්වෙ මොකක්ද කියලා.. මොකද කොයි වෙලාවෙ මගේ ඔලුවට බාල්දියක් පෙරළේවිද කියන්න බෑ.. අර රුත්වි හොටෙල් එකේ කැම් එකක් සෙට් කරපු දවසට, සති කීපෙකට පස්සෙ ඉස්කෝලෙදි මගේ බෑග් එකේ තිබිලා කුඩු පැකට් වගයක් හම්බුණා.. මට එවෙලෙ හිතුණ දේවල් දන්නෙ මම විතරයි.. කොයි වෙලේ ඉස්කෝලෙට පොලීසියෙන් කඩා වදීවිද, මේක කළේ කව්ද, එහෙම කළානම් ඒ කවුරු වෙන්න පුළුවන්ද, මගේ ළඟම ඉන්න කෙනෙක්ද මට මේ දේවල් කරන්නෙ කියලා මම දහස් වතාවක් හිතන්න ඇති.. අනික මේක ඉස්කෝලෙ.. ළමයි ඉගනගන්න තැන.. අපි ඉන්නෙ යුනිෆෝම් එකෙන්.. මම යුනිෆෝම් එක ඇඟේ නැති වෙලේට-ඉස්කෝලෙන් එළියෙදි කොහොම හැසිරුණත් මෙච්චර කල් ඉස්කෝලෙ හොඳ ළමයෙක් විදියට තියාගෙන ආපු නම එක වැරැද්දක් නිසා විනාස වෙලා යනවා දකින්න මට උවමනා වුණේ නෑ.. මට වෙලාවකට බය හිතෙනවා.. බය හිතුණහම ඊළඟට කරන්න ඕන දේවල් ගැන මට තේරෙන්නෙ නෑ.. හුඟක් කලබල වෙලා දේවල් පටලගන්නවා.. මම කියන්නෙ සාමාන්‍ය ප්‍රශ්ණ වලදි කලබල වෙන එක නෙමෙයි.. මේ වගේ ප්‍රශ්න වලදි මට හරි බයයි.. එක වැරැද්දක් නිසා මගේ අවුරුදු දහතුනක ඉස්කෝලෙ ජීවිතේ කළු පැල්ලමක් හිටියනවට මම කැමති වුණේ නෑ.. අනික ඉස්කෝලෙන් එළියෙදිත් දැනට මට පොඩි හරි ප්‍රසිද්ධියක් තිබුණා.. එක වැරැද්දකින් මම-අයුක අයියා-චමිරු අපි තුන්දෙනාටම සෑහෙන්න බලපෑමක් වෙන්න පුළුවන්.. ඒත් හැමතිස්සෙම ඒ බලපෑමෙ ඉලක්කෙ 'මම' වෙන එක මට ඉවසන්න බෑ.. ඒ මම දුර්වලයි නිසාද.. මගේ පවුලෙ මිනිස්ටර්ස්ලා නැති නිසාද.. නැත්නම් ඉක්මනට හැමදේටම අහුකල්ලා අත පිහාගන්න පුළුවන් නිසාද. මට තාම අවුරුදු දහනමයක් නිසාද මම දන්නෙ නෑ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now