131 කොටස

8.6K 1K 1.2K
                                    

" තව කොච්චර වෙලා තියද..??"

" පැය බාගයක් වගේ.."

චමිරු කාර් එකේ සීට් එක පහළට කඩාගෙන කකුලක් නමලා ස්ටියරින් වීල් එකෙන් තියාගත්තා.. අපි හිටියෙ එයාපෝට් පාකින් ලොට් එකේ ෂනෙරු මෙහෙට එනකල් බලාගෙන.. තාම ඌ මේ කිසිම දෙයක් දන්නෙ නෑ.. හොඳ වෙලාවට ඊයෙම කෝච් ෂනෙරුට එන්න ප'මිශන් දීලා.. ෂනෙරු ඇත්තෙ කලබලෙන්.. අපි තාම දන්නෙ නෑ ක්වාටස් එකේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.. මට හොයාගන්න ඕන කව්ද ආධ්‍ය අයියලව එයාපෝට් එකෙන් ඩ්‍රොප් කරපු කෙනා කියලා.. නිකමට හිතෙනවා එහෙම කෙනෙක් අපි අතරෙම හිටියා කියලා.. බැරිවෙලාවත් එහෙම පාර්ශවයක් මේකට සම්බන්ධ නම් අපිට ඒ කෙනාගෙන් වෙච්ච දේවල් හරියටම දැනගන්න තිබුණා.. මගේ මතකෙට එන්නෙම නෑ කෙනෙක්ව.. ඒ කේන්තියට මං නියපොත්තක් හපාගත්තම චමිරු මගේ අතට ගැහුවා..

" තමුසෙට දැන් ඔච්චර කලබල වෙන්න මොකක්ද වුණේ කියනවකො.. අහපන් සෙනුක.. ෂනෙරු ආවහම අපි ඌව එක්කන් ක්වාටස් එකට යනවා.. එච්චරයි.. වෙන මොකුත්ම උඹටයි මටයි කරන්න බෑ.."

" කරන්න බැරුවැති.. හරි.. ඒ වුණාට මම මේක අල්ලලා දාන්නෙ නෑ සම්පූර්ණ විස්තරයක් දැනගන්නකල්.."

" උඹට තියෙන්නෙ එසේ මෙසේ අමාරුවක් නෙමේ-අම්මපා.."

" යකෝ අමාරුයි තමා.. ෂනෙරුට කරදරයක් වුණොත් මොකද කරන්නෙ.. මගේ හිතේ හැමතිස්සෙම වැඩ කරන්නෙ ඒක.."

" අපේ අයියගෙ වැරැද්ද.. උඹට මුළු ලෝකෙම තියන කනෙක්ශන් ඔක්කොම හදලා දීලා මෙහෙන් චුත වුණා.. දැන් දෙයක් වෙන්න බෑ හැම රෙද්දම උඹ දැනගන්නවා.."

" කටවහපන්.."

චමිරු මට රවලා ආයෙම ඉස්සරහා බලාගත්තා..

" මට තේරෙන්නෙ නෑ ඇයි රධ්‍ය අයියා උඹව හම්බෙන්නෙ නැතුව, අන්තිම මොහොතෙ මාව හම්බුණේ කියලා.. බලන් යද්දි උඹටනෙ ලොකුම අමාරුව තියෙන්නෙ.."

" අනේ ඇත්තටම චමිරු.. උඹට මේ මොහොතෙවත් ඔය පෑලියාව පැත්තකට කල්ලා ඉන්න බැරිද.. යකෝ..!! අපි ඉන්නෙ සීරියස් සිටුවේශන් එකක.."

" හරි මම නිකමට කිව්වෙ.."

මම චමිරු දිහා බලලා ආයෙ ශටර් එකෙන් එළිය බලාගෙන වාහනේ ගියපු සින්දුව වැඩි කළා.. රධ්‍ය අයියා කොහොමත් දන්නවා අපි ෂනෙරු එක්ක ඉන්නවා කියලා.. ඒකෙ විශේෂෙන් දෙයක් කියන්න ඕන නෑ.. ඒත් මේ වෙලාවෙ චමිරුට කරන්න පුළුවන් කොටස වැඩියි.. රධ්‍ය අයියා ෂනෙරුව හුඟක් විශ්වාස කරනවා.. නැත්නම් චමිරුට මේ සිටුවේශන් එක හැන්ඩ්ල් කරන්න කියන්නෙ නෑනෙ.. සංහිතයගෙන් ප්‍රශ්ණයක් වුණත් ඒකට මැදිහත් වෙන්න පුළුවන් චමිරුට විතරයි.. අයුක අයියත් ඒ පවුලෙන් අයින් වෙලා ඉන්නෙ..එතකොට ඌ යන්න කලින් කරලා තියෙන්නෙ හොඳම දේ.. අපි හරහා චමිරුට මේවා කියනවට වඩා, කෙලින්ම චමිරු හම්බුණ එක හොඳයි.. මට මතක් වුණේ චමිරුයි ෂනෙරුයි තරහා වුණු වෙලේ රධ්‍ය අයියා ෂනෙරුට ගිහින් චමිරු එක්ක කතාකරන්න කියපු එක.. චමිරුට සමාව ගන්න අවස්ථාවක් දෙන්න කියපු එක.. මොකක් වුණත් රධ්‍ය අයියට මුල ඉඳන්ම හොඳ ප්ලෑන් එකක් තිබිලා තියනවා.. වෙලාවට මුන් දෙන්නා යාළු වුණේ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now