69 කොටස

9.5K 1.2K 586
                                    

" එයා ඉන්න තැනක සතුටින් ඉඳීවි.. අපි එහෙම වෙන්න කියලා ප්‍රේ කරමු.. ඔයා, ඉන්න කාලෙ ඔරියෝ වෙනුවෙන් ආදරේ දුන්නා, එයාව ආදරෙන් බලාගත්තා.. ඔයා ඇත්තටම එයාව හොඳට බලාගත්තා.."

අයුක අයියා අත් දෙකෙන් මූණ වහගෙන පල්ලිය පිටිපස්සට වෙලා දණගහන් හොඳටම අඬනවා.. ඉස්කෝලෙ ඉවරවෙලා මම මාස්ටර්ට කෝල් කල්ලා කිව්වා හදිසියක් නිසා එන්න වෙන්නෙ නැහැ කියලා.. ඔරියෝව මම අයුක අයියට දුන්නෙත් මියුසික් ක්ලාස් ගියපු දවසක.. මට තාම මතකයි ආශි ඌව රෝස පාට කේජ් එකක දාලා පරිස්සමට බලාගන්න කියලා දාහක් දේවල් කියලා මට දුන්නා.. එතකොට නිකමටවත් හිතුණෙ නෑ ඔරියෝ හිටිහැටියෙම අපිව දාලා මෙහෙම යයි කියලා.. ඔරියෝව poisoning වෙලා නැතිවෙලා තියෙන්නෙ.. ඒත් අයුක අයියා කිව්වෙ අඩුම තරමෙ ඔරියෝට අහුවෙන්න එයා පෙනඩෝල් පෙත්තක්වත් තියන්නෙ නෑ කියලා.. ඒ කියන කතාව බොරුවක් නෙමේ මම දැකලා තියනවනෙ.. අඩුම තරමෙ කොෆී තියන ටොෆි එකක්වත් එයාට අහුවෙන්න තියන්නෙ නෑ.. දෙන කෑම වුණත් හැමතැනින්ම අහලා හොඳද බලලා එයාට දෙන්නෙ.. මම හිතන්නෙ අයුක අයියා එයාව හැදුවෙ ළමයෙක් හදනවටත් වඩා පුදුම පරිස්සමින්..

" කොහොමද ඔරියෝ මාව දාලා ගියේ..?? She promised that she would never say goodbye.. This is so wrong.."

අයුක අයියා ඔරියෝගෙ gravestone එක අත් දෙකෙන්ම අල්ලන් ඒ දිහා බලාගෙන හිටියා.. හරියට මේ ලෝකෙ එයාට ඉතුරුවුණු ලොකුම පසුතැවීම වගේ.. ඒ ඇස් වල ලොකු දුකක් තිබුණා.. හැමතිස්සෙම දකින දුකට වඩා ලොකුවටම ඒ හැඟීම ඇස් වල පිරිලා මලානික වෙලා තිබුණා.. සමහරවිට එයා දරාගන්නවා ඕනවට වඩා වැඩි ඇති.. කවදාවත් සැනසීමෙන් ඉඳපු දවසක් නෑ.. හැමදාම නැගිටින්න හදන හැම වතාවකම සුනාමියක් වගේ මොකක් හරි හේතුවක් ඇවිත් සතුටයි සැනසීමයි මූදට ඇදන් යනවා.. දැන් අවුරුදු කීයක ඉඳන් මම මේ දිහා බලාගෙන ඉන්නවද.. මගේ හිතට බයක් දැනුණෙ මෙතනින් එහාට මොනවගේ දේවල් වේවිද කියලා හිතද්දි.. අපි වටේ තිබුණෙ හරියට හුඟක් ළඟම කෙනෙක් නැතිවෙලා මළගමක තියන නිහැඬියාවයි.. මූසළ හුළඟයි.. මලානික ඉර එළියයි විතරයි.. අතරින් පතර කතාකරපු වචන දෙක තුනක් ඇරෙන්න මේ කළුවර මළානික අඳුර මගේ කියලා මම මවාගෙන ඉන්න මුළු ලෝකෙම වහගෙන තිබුණා.. ඒක හරිම බය හිතෙන දුර්වල හැඟීමක්.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now