121 කොටස

9.5K 1.1K 1.6K
                                    

" ඕන නැති වැඩනෙ කරන්නෙ.."

" ඔයා කතාකල්ලා ඇහුවෙ නැද්ද ඒ ගැන.."

" නෑ බං.. ඒ වුණාට මට සීයට දාහක් නෙමෙයි දෙදාහක් ශුවර් ඔය මිනිහා තමයි ඒක කළේ.."

මම පිහිය ෆෝන් එක පැත්තට දික් කල්ලා ලූණූ  ගෙඩිය කපාගෙන කපාගෙන ගියා.. අයුක අයියා පිපිඤ්ඤා පෙත්තක් අරගෙන කෑල්ලක් කාලා මම කියන එක හරි කියන්න ඔලුව වැනුවා.. අපේ ගෙදර අද උයන්නෙ මම.. එතකොට මාත් එක්ක Senuka's Kiss the Cook ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මෙල්බර්න් වල ඉඳන් එකතුවෙලා ඉන්නෙ ඉරි තුනක් නැතිවුණත් හරිම ආකර්ශණීය විදියට ලේනෙක් වෙලා ඇවිත් මගේ ජීවිතේ තනිකර ලේන් කූඩුවක් කරපු තුන් ඉරි ලේනා.. උගේ මලවිකාර නමක් තමයි මේ ශෝ එකට දාලා තියෙන්නෙත්.. අද අපේ ගෙදර දවල් වරුවෙ කවුරුත්ම නෑ.. අපේ තාත්තගෙ අලුත් පොතක් එළිදක්වනවා.. ඒකනිසා දෙන්නත් එක්ක ඒකට ගිහිල්ලා.. මම තමයි කෑම හදන්නෙ.. කොහොමත් ඊයෙ ඒ දෙන්නගෙ වෙරි රොමෑන්ටික් ඩේට් නයිට් එකෙන් පස්සෙ මට මේ ගෙදර පුදුම තනිකඩ  හැඟීමක් දැනෙන්නෙ.. අපේ තාත්තා ඉඳලා හිටලා රොමෑන්ටික් වුණහම හරීම ශෝක්.. මම පොඩි කාළෙ වගේ නෙමෙයි දැන් වයසින් ලොකු නිසා ඒ දෙන්නා හැංගි හොරා තුරුල් වෙලා ආදරේ කරන්නෙ නෑ.. මට දැන් ඉන්න අම්මටයි තාත්තටයි නම් ආදරේ හිතෙනවා.. අද උදේ දෙන්නත් එක්ක මල් පැළයක් බදාගෙන කියව කියව ඉද්දි මම හෝස් බටේ අල්ලලා අම්මගෙන් උදේ හොඳ සෙරෙප්පු පාරක් කෑවා.. තාත්තා කිව්වා ඒගොල්ලොන්ට ඉරිසියා නොකර කෙනෙක් ඉන්නවනම් කෙළීන්ම කියන්න කියලා.. කෙලින්ම කියන්න තිබ්බා ඒත් මම ස්ට්‍රේට් නෙමෙයිනෙ.. ඉට්ස් අයුකසෙක්ෂුවල් ෆෝ ශුවර්..!!

" එනිවේ.. ඔයා රුත්විත් එක්ක කොච්චර වෙලා නැටුවද වත්සල්..??"

මම ඇහැ යටින් අයුක අයියා දිහා බලලා ආයෙම ලූණු ගෙඩිය දිහා බලාගත්තා.. අයුක අයියා මට රවාගෙන තව පිපිඤ්ඤා කෑල්ලක් කපාගෙන කටේ දාගත්තා.. මේ මනුස්සයා අද කෑම හදන්නෑ ඔක්කොම ටික අමුවෙන්ම කාලා ඉවර කරයි වගේ..

" නැටුවා කියන්නමත් බෑ.. ඒ මාස්ක් එකට හිනායනවා හලෝ.. ඒ කියන්නෙ රුත්වි විතරක් නෙමේ හැමෝම.. නිකම් ඔලුබක්කො ටිකක් නටනවා වගේ.."

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now