40 කොටස

16.4K 1.5K 1K
                                    

" මොකක් කිව්වා..?? උබ හදිසියෙ ගෙදර යන්න..??"

" ම්ම්.. මම ආච්චිඅම්මව බලලා එන්නම් බං.."

මම ලිය ලිය ඉඳපු පෑන පැත්තකින් තියලා ෆෝන් එක අනිත් කනට මාරුකළා.. ෂනෙරු කතාකලේ අඬ අඬ.. මම බයවුණේ ගෙදර මොකුත් ප්‍රශ්ණයක්ද කියලා.. ඌ අම්මා එක්ක තනියමනෙ ඉන්නෙ.. දැන් කාලෙ වෙන දේවල් වල හැටියට මොනවා හිතෙන්න පුළුවන්ද.. 

" මොකක් හරි ප්රශ්ණයක් වුණාද..?? අඩෝ මම එන්නද උඹලගෙ ගෙදර.. අවුලක්නම් කියපන් හු#තො.."

" එපා සෙනුක.. මේවගෙ ඉවරයක් නෑ බං කොහොමත්.. ටික දවසකට ගමේ ගිහින් එන එක හොඳයි.."

" හෙට උදේද යන්නෙ.. මම එන්නද උඹව කොටුවට ඇරලන්න.."

" පිස්සුද බං.. ඉස්කෝලෙ පලයන්.. මම ඩිපෝවට ගිහින් හයේ බස් එකේ යනවා එහෙමම.. ලොකු අවුලක් නෑ.."

" එහෙනම් මට මැසේජ් එකක් හරි තියපන්.. පරිස්සමට ෂනෙරු.. උඹ කාලද ඉන්නෙ.."

" ම්ම්.. උඹ එක්ක කතාකරොන් නොයන තැනට වැඩ කෙරෙන්නෙ.. මේ මම තියනවා.. බුදුසරණයි."

" පරිස්සමින් හරිද.. උවමනාවක්නම් කෝල් එකක් දීපන්.."

" ඇයි උඹ මගට එන්නද.. මූ බලපන්කො.."

" උඹ හිතාගෙන ඉන්නෙ මට කතරගමට එන්න බෑ කියලද ප#.. තෝ එලොව හිටියත් හොයාගෙන එනවා.. ආවා හු#තක් කතාකරන්න.. තියපන් ඔය ලබ්බ.."

මම ෆෝන් එක කට් කළාම ෂනෙරු හාට් දෙකක් එවලා තිබ්බා.. මම ඌට අනිත්පැත්තට හාට් දෙකක් දාලා පරිස්සමට පලයන් කියලා මැසේජ් එකක් දැම්මා.. අනිවා අම්මා මොකක් හරි හිත රිදෙන දෙයක් කියන්න ඇති.. මම එහෙමම උගේ ගෙවල් ලඟ මිතුරියට කෝල් එකක් ගත්තා.. 

" ඕයි සෙනුකයා.. අන්න අරූ යනවයි කියන්නෙ.."

" ඔව් ඔව් මේ උඹ හවස් වෙලා හෙට දේදුණු නැන්දව බලන්න පලයන්.."

" යන්න තමා ඉන්නෙ.. මූ මොන සන්නියක් නටනවද මන්දා.. ක්ලාසුත් එක්ක.."

" ප්‍රශ්ණයක් වෙන්න ඇති බං.. හා හා මම තියනවා.."

" බායි.."

මම ෆෝන් එක තියලා හද හද ඉඳපු ගාණ හදන ආයෙ මුල ඉඳන් හදන්න ගත්තා.. මේ හු#ත පිසික්ස් වල චලිත ප්‍රස්ථාර අඳින්න හොයාගත්තු එකා මොකාද..?? දැන් මතකත් නෑ හරියට.. අප්පිරියයි.. ඇයි මම මියුසික් නොකර බ‍යෝ කරන්න ගත්තෙ..?? ඩොට්ට කෙනෙක් වෙලා ලොකෙ ජයගන්නනෙ.. ඔක්කොම දමලා ගහලා කොත්තු ගහන්න යන්නත් හිතෙනවා.. මහීශට කතාකරපු එකේ මට අර ඇහැළ මලේ සීන්කෝන් එක අහගන්නත් තිබ්බා.. ඒ වුණාට රෑට කෙල්ලො එක්ක වැඩිය මල් කඩන්න හොඳ නෑ.. පාඩම් කරන වෙලාවනෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now