මම හිටියේ රෑට පාඩම් කරන ගමන් මේසෙ ඉඳගෙන.. රෑ නමයට විතර ඇති.. අපේ ගෙදර පුරුද්දක් විදියට අම්මයි තාත්තයි දහයට නිදාගන්න යනවා.. දහය කිව්වට අම්මා ටීවී එක දාගෙන ඒකෙ මොකක් හරි කතාවක් යනවනම් ඒවත් බලනවා.. අයි ටී එන් එකේ කතා ලස්සනයි.. හිටපු ගමන් මමයි තාත්තයිත් ඕවා බලන්න සාලෙට යනවා.. අම්මා මොකක් හරි බැලුවහම ඒක ගැන කියවන නිසා අමුතුවෙන් කතාව බලන්න දෙයක් නෑ.. පහුගිය කොටසෙ ලොකු අක්කගෙ මල් මල් ගවුමෙ පාටෙ ඉඳලම අපි දෙන්නා දන්නවා..
අර පහුගිය කාලෙ තණමල්විල කොල්ලෙක් බලලා හැමතිස්සෙම දීප්ත කියලා හාදයෙක් ගැනමයි කියව කියව හිටියෙ.. දීප්ත ආට් ගැලරියෙ කෙල්ලට කැමැත්තෙන් ඉඳලත් කෙල්ලට බඳින්න වෙන කෙනෙක් ඉඳලා දීප්ත ඒකෙන් අවුල් ගියාට පස්සෙ අපේ අම්මා කෙල්ලට බැන්නා බලාපොරොත්තු දුන්නලු.. ඊටපස්සෙ කෙල්ලගෙ පැත්තෙනුත් හිතලා කියනවා දීප්ත වගේ කෙනෙක්ට එයාව ගැළපෙන්නෙ නැහැල්ලු.. අපේ තාත්තා ඔය හැම එකටම කරන්නෙ " ඒක තමයි මන්දාකිණී", " ඔව් නේද", " ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා" කියලා හරිම පොදු උත්තර ටිකක් දීලා අම්මට සප් එක දෙන එක.. මමත් පෞද්ගලිකව තණමල්විල කොල්ලෙක් එකේ දීප්තට කැමති.. ඌ චිත්‍ර අඳින නිසා.. මට එක්කෙනෙක් මතක් වෙන නිසා.. ඒ වුණාට ඒ මනුස්සයා දීප්තට වඩා වෙනස්නෙ..
තණමල්විල කොල්ලෙක් බලද්දි හිතට දුකක් එනවා.. ඒක හරියට.. වැඩකට නැති දුක්ක නෙමේ.. අපිට ජීවිතේ මඟහැරෙන පැතිකඩක් ගැන හරිම ලස්සනට පිළිවෙලට සංයමෙන් දිගෑරලා තියනවා.. කැලුම්සිරිගෙ අම්මා රට ගිහින් මැරුණ වෙලේ මට දුක හිතුණා.. අපි හිතන්නෙ නැති විදියට මේ ලෝකෙ මිනිස්සු කොච්චර වේදනාවල්වලට මූණ දෙනවා ඇත්ද.. ඒවට ප්‍රතිචාර දක්වනවා ඇත්ද.. අපි හිනාවෙද්දි කී දෙනෙක් අඬනවා ඇත්ද.. අපි අඬද්දි කීදෙනෙක් ජීවිතවලින් සමුගන්නවා ඇත්ද.. ලෝකෙ හැදිලා තියෙන්නෙ විශමතාම පදනම් කරගෙන විතරයි.. ඒක ගෙයින් ගෙට මනුස්සයගෙන් මනුස්සයට සතාගෙන් සතාට බලපානවා..
අපේ අම්මා කියනවා ජීවිත හැදිලා තියන ස'කල් එක සම්බන්ධවීම සහ බිඳවැටීමලු.. එක දේකින් ඈත් වෙනවා.. ආයෙ බැඳෙනවා.. අපි 'ජීවතේ' තේරුම තේරුම් අරන් ජීවත් වෙන්න ඕනලු.. ඇත්ත තමයි.. දවසක් අපේ ගෙදර මනුස්සයෙක් හිටියොත් පහුවදා යන්නෙ රහත් වෙලා.. මට කවදාවත් අම්මයි තාත්තයි කියලා දෙන දේවල් වදයක් වගේ දැනුණෙ නෑ.. හැමදේම අහගෙන හිටියා.. මෙහෙම කියලා නොදෙන්න අම්මලා තාත්තලා නැති අය කොච්චර මේ ලෝකෙ ඇත්ද.. එහෙව් එකේ අම්මයි තාත්තයි මට මහ මෙරක් වගේ දැනෙන්නෙ.. තාත්තගෙ ඇස් දෙකේ මාව පේන තාක්කල් මගේ හිතේ තදින් බැඳගත්තු හැගීමක් තියනවා.. ඒක හරිම ආරක්ශිතයි.. මේ ලෝකෙ ඕනම දෙයක් දරාගන්න පුලුවන් හයියක් අපේ තාත්තගෙ වචන දෙක තුනක් අස්සෙ හැංගිලා තියනවා.. අම්මට වඩා මට තාත්තා ලඟයි.. කරදරයක් නොවෙන්න ඒත් නීති රීති මැද්දෙ හැදෙන මේ ජීවිතේ මට පුදුමාකාර පිළීවෙළ ගතියක් දැනෙනවා..
YOU ARE READING
BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
Romance" තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක්...