53 කොටස

13.2K 1.3K 878
                                    

උදේ අම්මලා ඉස්කෝලෙ යනවා කියලා දොර ඉස්සරහින් දොර ලොක් කරන් ගිහිල්ලත් පැය දෙකක් විතර මම නිදි.. ඊටපස්සෙ තමා නින්දෙන්ම පන්ති කියලා මතක් වුණේ.. ඒක මතක් වුණා කියන්නෙ එතන ඉඳලා අනිත් ඔක්කොම සවුත්තුයි.. අපේ සර්ට බැරිවුණානෙ මේ පේපරේ වෙන දවසක ලියන්න දෙන්න.. 

සාමාන්‍යෙන් මම නැගිටලා විනාඩි පහක් විතර ඇස් දෙකත් පියාගෙන දවසෙ මොනවද කරන්න ඕන කියලා මතක් කරගන්නවා.. අද තියෙන්නේ.. හවස ක්ලාස්.. ඊටකලින් මොකක් හරි තිබ්බා..,

අයුක අයියව ඉසිවර අයියා ගාවට එක්කන් යන්න ඕනනෙ..!!!

මලමගුලයි සෙනුකයා පුප උඩ දාගෙන නිදාගෙන ඉන්නෙ අයුක අයියා ඇඳේ නෑ.. මම ඇඳෙන් නැගිටලා සාලෙට ගියහම ගෙදර කවුරුත් ඉන්න වගක් පෙනුණෙ නෑ.. ගේට් එකත් වහලා අයුක අයියගෙ කාර් එකත් තිබ්බා.. මම ඉස්සරහ දොරෙන් මූණ දාලා පොකුණ පැත්ත බලද්දි අයුක අයියා පොකුණෙ ගල් බැම්ම උඩින් ඉඳගෙන මාළුවොන්ට කෑම විසි කරනවා.. එතකොට තමා යන්තම් ඇඟට ලේ ඉනුවෙ..

මම ආයෙම කාමරේට ඇවිත් ඇඳත් හදලා මූණ සෝදගෙන කුස්සියට ගිහින් කිරි හදන්න ගත්තා.. අයුක අයියා ගෙට එන පාටක් තිබ්බෙත් නෑනෙ.. මම වැඩිය කිරි වලට තේ කල්දේරමක් විතර දාලා බොන්න ආස නෑ.. හුඟක් සුදුපාටට තමයි බොන්න කැමති.. මම පුරුදු විදියට මට හදාගන්න ටී එකත් මග් දෙකකට දාගෙන අම්මා කලින් දවසක හදපු කේක් ට්‍රේ එකත් උස්සගෙන පොකුණ ගාවට ගියා.. අයුක අයියගෙ අතේ බැන්ඩේජ් එක එහෙ මෙහෙ වෙලා ප්ලාස්ටර් එක බාගෙට ගැලවිලා වගේ තිබ්බෙ.. අයුක අයියා මාව දැකලා හිනාවුණා.. මම ට්‍රේ එක බැම්ම උඩින් තිබ්බහම අයුක අයියා මගේ අතකින් අල්ලගෙන මාව උකුළ උඩින් ඉන්ඳවගත්තා..

" ගුඩ්මෝනින්.."

මට ගුඩ්මෝනින් කියන්න හම්බුණෙත් නෑ අයුක් අයියා මගේ කම්මුලකින් අතක් තියාගෙන තොල් වලින් පෙක් එකක් තිබ්බා.. 

" වෙරි ගුඩ් මෝනින්.. හුඟක් වෙලාද ඇහැරලා.."

මම තව ටිකක් හොඳට අයුක අයියගෙ උකුළ උඩින් ඉඳගෙන කර වටේ අත් දෙක පටලගෙන උරහිසින් මූණ තියාගත්තා.. අයුක අයියා කේක් ට්‍රේ එක දිහා බලලා කෑල්ලක් අරගෙන කන්න ගත්තා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now