43 කොටස

16K 1.5K 963
                                    

පහුවදා ඉස්කෝලෙට අඩිය තියනකොට මට ඔලුව උඩට වැඩ කන්දක්ම ගොඩවෙලා ඉවරයි.. ඒක ඇත්තටම පීඩනයක් වගෙත් දැනෙනවා.. ලොකු තරග විභාගයක් අත ළඟ තියාගෙනනෙ අපි මේ මෙච්චර නටන්නෙ.. ඒත් අර ඉස්කෝලෙ වෙනුවෙන් ලේ කකාරවගෙන එන අමුතු ගැම්ම ඔක්කොටම වඩා වැඩියි.. ඇත්තටම එතකොට තමයි හිතෙන්නෙ මේ ඉස්කෝලෙ වෙනුවෙන්ම අපිව කොච්චර බන්ඳලාද කියලා.. ඉස්කෝලෙට 'තාත්තා' කියන්න තරම්ම ගෞරවයක් එක වසරෙ ඉඳලා දහතුන වසරට යනකල්ම අපේ හිත් වල නොඅඩුව තිබුණා.. 

අපේ හාමුදුරුවො කියන්නෙ තමන් ඉගනගත්තු තැනට තියන ගෞරවේ හැමදාම රකින්න.. වරදින්නෙ නෑ කියලා.. සමහර මිනිස්සු ඉන්නවා ගිය ඉස්කෝලෙ නම කියන්නත් ලැජ්ජ.. අවුරුදු ගාණක් ගිය ඉස්කෝලෙ පාසල් ගීය අමතක වෙච්ච.. කොයි ඉස්කෝලෙත් ඉස්කෝලයක්.. ඒ නමේම ලොකු ගෞරවයක් තියනවා.. අපේ අම්මලා තාත්තලා මහා ප්‍රසිද්ධ ඉස්කෝලවල වල ගිය මිනිස්සු නෙමෙයි.. ඒත් අදටත් ඉස්කෝලෙ ගැන කතාකරන්නෙ හරි උජාරුවෙන්.. තාත්තලාගෙ ගමේ ඉස්කෝලෙ ලස්සනයි.. ඒ එක්ක බැඳුණු ලස්සන අතීතයක් තියනවා.. තාත්තා කියද්දි මම අහගෙන ඉන්නවා.. ගම මැද්දෙන් වැටිච්ච පාරෙ ගඩා ගෙඩි කකා ඉස්කෝලෙ ගිය ගමන් ඇත්තටම ලස්සනයි.. තාත්තගෙ කටහඬ එක්ක මමත් 'එකොමත් එක කාලෙක' කියන ලස්සන ඉස්කෝලෙ සුරංගනා කතාව අස්සට ඇදිලා යනවා.. සමහරවිට මගෙන් පස්සෙ ඉන්න ළමයිත් අපේ කතා ඒ විදියටම අහවි..

උදේ ක්ලාස් එකට යනකොට එහේ කවුරුත්ම නෑ.. දවසම ඇත්ලටික් සිලෙක්ශන් වලට වෙන් කල්ලා තිබුණෙ.. මම පන්තියෙ මොකෙක්වත් නැති නිසා පන්තියෙ කබඩ් එක තියන පොඩි රූම් එකට ගිහින් බොටමයි ටී එකයි දාගෙන යුනිෆෝම් එක ස්පෝර්ට්ස් බෑග් එකට ඔබාගත්තා.. ඊටපස්සෙ ඩෙග් දෙකත් දාගෙන ග්‍රවුන්ඩ් යන්න ලෑස්ති වුණා.. 

රූම් එකෙන් එළියට එද්දිම මගේ මූණ ඉස්සරහා හිටගෙන හිටියෙ අයුක අයියා.. උදේ පාන්දරම දකින්න බලාපොරොත්තු වුණේ නැතිවුණත් දැක්කහම මට සතුටුයි.. හරිම හිත පිරිලා යන හැඟීමක් දැනුණෙ.. ඒත් අයුක අයියගෙ මූණෙන් නම් එච්චර හොඳක් පෙනුණෙ නෑ.. 

" ගුඩ් මෝනින්.."

මම අද එයාගෙ පළවෙනි ගුඩ් මෝනින් එකද දන්නෑ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now