134 කොටස

9K 1.2K 1.4K
                                    

" තමුසෙ කවදහරි මැරුම් කන්නෙ ඩීල් කල්ලා නෙමේ.. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ නැති වෙලාවට ඇවිත් බය කල්ලා.. කොහෙද මනුස්සයො ගිහින් හිටියෙ..!!"

මම බයික් එක රුත්විගෙ බයික් එක ස්ලෝ එකේ යන ගාණට කිට්ටු කල්ලා උගේ බයික් එකට පයින් පාරක් ගැහුවා.. මේ වෙලාවට කොලඹ පාරවල් හුඟක් පාළුයි.. අපි යන පාරත් ඒ වගේ.. රුත්වි වැටෙන්න ගිහින් බයික් එක කෙළින් කරගෙන මට රැව්වා..

" කපනවා කකුල..!"

ඒක කිව්වෙ තරහ ගියපු කටහඬකින් නෙමෙයි.. ඒකනිසා බය හිතුණෙ නෑ රුත්වි.. ස්වොරි.. කව්ද ඇත්තටම හිතුවෙ මේ මිනිහා අද බාර් එකෙන් මතුවේවි කියලා.. රුත්වි හරියට අර අතුරුදහන් වෙන, ඉබේටම මතුවෙන හොල්මනක් වගේ.. මූ ඇත්තටම පහුගිය කාළෙ කොහේද දන්නෑ අතුරුදහන් වෙලා හිටියෙ.. අපේ අයියත් එක්ක මොකක්ද කරපු නාඩගම කියලත් අහන්න ඕන.. 

" කෝ වෛශ්ණාවි.. එයා හොඳින් ඉන්නවද.."

රුත්විට වෛශු ගැන කිව්වහම ලාවට මූණෙ හිනාවක් ඇඳුණා..

" ඉන්නවා ඉන්නවා.. සෙනුකට කියන්න හුඟක් දේවල් තියනවා-හැබැයි කලින්ම කියන්නෙ අර විරුල් කියන මිනිහා සම්බන්ධව නම් මම කිසිම දෙයක් දන්නෙ නෑ.."

" දන්න ටික කියනවකො.. මම ඉතුරු ඒවා හොයාගන්නම්.."

" ඕ-කේ.. ඔයා දැන් වෛශ්ණාවි බලන්න යන්න එනවද..??"

" නැතුව.."

" එතකොට ගෙදරින් අවුලක් නැද්ද.." 

" නැහ්.."

මම රුත්විට පහු කල්ලා ඉස්සරහට වුණා.. රුත්වි තියන බලු කමට මාව පහු කරන් උගේ බයික් එකෙන් ඉස්සරහට ගිහින් පිටිපස්ස හැරිලා ඇහැක් ගැහුවා.. වැරදි මිනිහා එක්ක තමයි රුත්වි තමුසෙ රේස් යන්න කතාකරන්නෙ.. මටත් තියන පුදුමාකාර අමාරුවට බයික් එක දෙතුන්පාරක් රේස් කල්ලා රුත්විවත් පහු කරගෙන ඉස්සරහට ගියා.. ටිකකින් රුත්වි මාව පහු කරගෙන ඉස්සරහට ගියා.. මේ යන වේගෙට වැදුණොත් කෑලි හොයාගන්නවත් වෙන්නෑ වෙන්නෑ.. ඒ වුණාට පාරෙ මොකෙක්වත් පේන්න ඇත්තෙත් නෑ.. පොඩි වෙරි ගතියක් තිබුණ නිසා දැනෙන්නෙ පාවෙනවා වගේ.. ඒ හැඟීමට අකමැත්තෙන් වුණත් කැමතියි.. පොඩ්ඩක් වෙරි වුණහම මට අනිත් මිනිස්සු වගේ කියවන්න බෑ.. එහෙම හිතෙන්නෙ නෑ.. වෙලාවකට කියවනවා, ඒ වුණාට හැමතිස්සෙම නෑ.. මට දැනෙන්නෙ මගේ ඇතුළාන්තයේ ඉන්න සම්පූර්ණෙන් එක අන්තෙක ජීවත් වෙන මිනිහයි, අනිත් අන්තෙ ජීවත් වෙන මිනිහයි දෙකකට කැඩිලා තම තමන් එක්ක විවාද කරගන්නවා වගේ.. මගේ ප්‍රශ්ණ, ඒවා තියෙන්නෙ මගේ හිත ඇතුළෙ එක එක තැන් වල.. මට රුත්විව පහු කරන්න උවමනාවක් තිබුණ නෑ.. මගේ විදියට හිතේ තියන බර ගතිය ටිකක් අඩු කරගන්නයි ඕන වුණේ.. සීතල මූදු හුළඟටයි බයික් එක රේස් කරන හැම සැරේකටමයි අතේ මස් පිඬු පිම්බෙනවා.. හරියට ඇඟ ඇතුළෙ තියන දඟලන උණුවෙච්ච හැඟීම්, පීඩනය ඔක්කොම එළියට පැනගන්න දඟලනවා වගේ.. මම යන වේගෙට සිටි එක වටේටම තියන ලයිට්ස් එක දිගට ඇඳපු නියෝන් එළි වගේ පෙනුණෙ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYМесто, где живут истории. Откройте их для себя