55 කොටස

13.2K 1.3K 699
                                    

ප්‍රශ්ණ ජීවිතේට එනවා යනවා.. හැමදාම පායන්නෙත් නෑ.. හැමදාම වහින්නෙත් නෑ.. සමහරදාට හෙන ගගහා වහිනවා.. සමහරදාට වළාකුළු විතරමයි.. සමහරදාට ඉර රස්නෙ වැඩියි.. සමහරදාට පොද විතරයි.. ජීවිතෙත් එහෙමයි.. මගේ ජීවිතේනම් එක දවසකට තව දවසක් අහසට පොළොව වගේ හරිම වෙනස්.. එහෙම දවස්වලට හැඩගැහෙන්න ලේසි නෑ.. වෙලාවකට මටම හිතෙනවා මේ දරාගන්නවා සීමාව ඉක්මවලා නේද කියලා.. ඒ වුනත් වෙන විකල්ප නෑ.. ඉවසගෙනම ඉන්න වෙනවා..

පහුගිය කාලෙත් ඒ වගේ කාලයක්..

ඉස්කෝලෙ වුණු ප්‍රශ්ණෙ ගලාගෙන ගියේ මම හිතපුවත් නැති පැත්තකට.. ඒක ඇත්තෙටම හරිම හොඳ විදියේ අහම්බයක්ද මන්දා.. කොහොම වුණත් මතීෂලා අපේ අතර යාළුකමක් තිබ්බෙ නෑ.. කොටින්ම තරහකුත් නෑ.. විසාල කලකිරීමක් එක්ක හිස්තැනක් විතරයි ඒ ගැන කල්පනා කරද්දි මට මතකෙට එන්නෙ.. අන්තිමේදි මතීෂලාට කේලම් කියපු උනුත් නැතිවුණා.. පන්තියෙ යාළුවොත් නැතිවුණා.. ක්ලාස් එකේ උනුත් කොන් කරන්න ගත්තා.. උන් හිටියෙ වැලේ වැල් නැතුව..

රණ්ඩුවෙන් පස්සෙ පන්තියෙ ළමයි අපි ගැන එක එක කටකතා හැදුවා.. ෂනෙරුට අයුක අයියව පාවලා දීලා තැන තැන එක එක අය කතා කිව්වා.. මටයි අයුක අයියටයි කිව්වා.. රධ්‍ය අයියලා ගැන කේලම් කියලා තිබ්බා.. කොහෙවත් ඉන්න ආශියි මහීශයිත් ඉස්කෝලෙ කේලම් කියන චීත්ත හැතිකරේට හොඳ මාතෘකා වුණා.. මොකක් වුණත් කියාන් අයියා කැමති නෑ මේ ප්‍රශ්ණ වලට ආශි ගෑවෙනවට.. උගේ කෙල්ලනෙ.. අනික ආශි මට පෞද්ගලිකව සෑහෙන්න වටින යාළුවෙක්.. ඒකිටනම් ඕවගෙ ගාණක් නෑ.. පුළුවන් නම් ගේට්ටුවෙන් ඇතුළට ඇවිත් සේරටම බැනලා යන ගාණට හිටියෙ.. ඒත් කියාන් අයියා වැඩිය කැමති නෑ මේවට ආශි සම්බන්ධ වෙනවට.. ඌ එහෙම හිතන එකේ වරදක් නෑ.. ඒ මුළු ඉස්කෝලෙම ආශිට කියන ජරා කතා ගොඩේ හැටියට එහෙම හරි ඒකි ඉහ ගහගෙන ඉන්නවා පුදුමයි.. ආශි මට ක්ලාස් එකේදි හම්බුණාම ඒකිගෙ ජීවිතේ ගැන කියලා මට ඒකෙන් ගන්න පුළුවන් දේවල් ගන්න කිව්වා..

කෑම එක බෙදාගෙන කන්න යාළුවෙක් නැතිවුණහම, හදිසියට ඉස්කෝලෙ වටේ රවුමක් දන්න යාළුවෙක් නැතිවුණහම, කැන්ටිමට ගිහින් හොරාට කාලා ආතල් එකක් ගන්න යාළුවෙක් නැතිවුණහම, ඉස්කෝලෙම එක එක කොල්ලො අල්ලලා ජරා කතා කියනකොට, අසනීපයක් වුණහම ඉස්කෝලෙ කියන්න කවුරුත් නැතිවුණහම, ඔක්කොම එකතුවෙලා බයිට් එකට ගන්නකොට, බර්ත්ඩේ එකකට විශ් එකක් නැතිවුණහම, අනුන්ගෙ බර්ත්ඩේ වලට පන්තියෙන්ම කරන සප්‍රයිස් වලට තමන් ගාවගන්නෙ නැති වුණහම දැනෙන හැඟීම මොනවගේද කියලා ආශි මට කිව්වා.. ඇත්තටම ඒකිට ඉස්කෝලෙ කියලා කිසිම යාළුවෙක් නෑ.. මහීශා ඉන්නෙත් වෙන ඉස්කෝලෙකනෙ.. මොන හේතුවකට එහෙම කොන් කරනවද මට හිතාගන්න බෑ.. එක්කො ඉරිසියාව, තරහා, කේලම් නිසා එහෙම වෙලා ඇති.. ඉතින් එහෙම බලනකොට අපිට මොනවද මේ වෙලා තියෙන්නෙ.. ඒවා ගාණකටවත් ගන්න පුළුවන්ද.. මට ආශි ගැන කියද්දි දුක හිතුණා.. ඒකි හිනාවෙලා කිසිදෙයක් ගාණක් නැතුව උඩ පැනලා සතුටින් හිටියට හිතේ කොහේහරි දුකක් ගොඩගහන් තමා ඉන්නෙ.. වෙලාවකට අපි ගැන අම්මෙක් වගේ හොයලා බලනවා.. කිව්වොත් රෙදි ටික වුණත් හෝදලා දෙයි.. ඒ තරමට.. ගෙදර වැඩකට කතාකළොත් දුවගෙන එනවා.. ක්ලාස් එකේදි ටොෆියක් කෑවත් ඒකත් බෙදාගෙන කන්නෙ.. ඉතින් ඒකිගෙ හිත හොඳයි.. සමහරවිට ඒ ඔක්කොම අඩුපාඩුවලට හරියන්න කියාන් අයියව ලැබෙන්න ඇත්තෙ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now