24 කොටස

13.1K 1.4K 708
                                    

" එකයි.. දෙකයි.. තුනයි.. අපෝ ගොඩයි අනේ.."

මම හිටියෙ තාත්තගෙ කකුලක වාඩිවෙලා බෙල්ල බදාගෙන.. තාත්තා මාවත් තියාගෙන පොතක් කියවනවා.. අපේ තාත්තා වයසට ගිහින් කොන්ඩෙ සුදුවෙලා මට ඒවා බලන්නලු.. ඔය බොරු කියන්නෙ.. කොණ්ඩෙ අතගානකොට සනීපයිනෙ.. තාත්තා හෙන කපටී..මූණෙ හැදෙන වල නිසා ඒක හොඳට පේනවා.. අම්මා දේදුණු නැන්දා එක්ක පොලේ ගිහින් එහෙත් ගිහින් සාරි බ්ලවුස් එකකට මෙශර්මන්ට්ස් දීලා රෑ වෙන්න එනවා කියලා කිව්වෙ.. ෂනෙරුවගෙ මාමා එහේ ඇවිල්ලනෙ.. ඌටත් පුදුම නැටිල්ල මාමා ආවහම.. ඉස්කෝලෙ එන්නවත් සිහියක් නෑ..

මම පහුගිය සතියෙම ඉස්කෝලෙ ගියා.. ෂනෙරු පේරන්ට්ස් මීටින් එකට පහුවදා ඉස්කෝලෙ ආවෙ නෑ.. ඒ ඇරෙන්න සුපුරුදු විදියට ඉස්කෝලෙ තියනවා.. අපිට උගන්නනවා.. මම උදේට බෑන්ඩ් ප්‍රැක්ටිස් ඉන්නවා.. සාගා එකට ඩ්‍රම් ප්‍රැක්ටිස් ඉන්නවා.. ආයෙම වෝටර් බැලේ අයිටම් වගයක් තියාගෙන හැදුවා.. දන්න කියන අයත් පුරුදු වැඩවලම තමා.. රධ්‍ය අයියා උදේට කළු බොටමක් ගහගෙන උන්ගෙ ටීම් එකත් එක්ක ඉස්කෝලෙයි කොළඹ හතේ පුරාමයි දුවනවා.. නැත්නම් බූට්ස් තොගයක් තියාගෙන හෝදනවා.. කියාන් අයියල රගර් ගහනවා කියලා ග්රවුන්ඩ් එකම හානවා.. ක්ලාස් එකේදි මහීශා හම්බෙනවා.. ආශිව කැෆේ එකේදි හම්බෙනවා..

හරිම සාමාන්‍ය සතියක් ගෙවීගෙන ගියේ.. ඒත් මම අයුක අයියව විතරක් දැක්කෙ නෑ..

එයා ඉස්සර හැමදාම ඉස්කෝලෙ එන ළමයෙක්.. මම අයුක අයියව දන්නෙ එක වසරෙ ඉඳලා.. අපි එක ඉස්කෝලෙ එකළඟ පන්තිවල අනන්තවත් ඉඳලා ඇති.. මෙච්චර ඉස්කෝලෙ පාඩු කරගන්න කෙනෙක් නෙමෙයි අයුක අයියා.. විශේෂෙන්ම බ්‍රහස්පතින්දා අනිවාරෙන්ම ඉස්කෝලෙ එනවා.. මම සතියක් බලාගෙන හිටියා අයුක අයියා දූවිලි නාගෙන ග්‍රවුන්ඩ් එක පුරාම දුව දුව ක්‍රිකට් ගහනවා බලන්න.. ආට් රූම් එකට වෙලා පේන්ටින් එකක් කරනවා බලන්න.. පන්ති ඉස්සරහට වෙලා බුදුන් වඳිනවා බලන්න..

එයා ආවෙ නෑ.. අඩුම තරමෙ මම ගත්තු ෆෝන් කෝල් එකකටවත් උත්තරයක් හම්බුණේ නෑ.. රධ්‍ය අයියලත් කිව්වෙ අසනීපෙන් කියලා විතරයි.. අයුක අයියගෙ ගෙදර කටියක් ඇවිත් ගෙදර බිසී ලු.. ඒත් මගේ හිතට දැනෙන්නෙ මොකක් හරි කරදරයක්වත්ද දන්නෙ නෑ කියලා හැගීමක්.. මම ඕනවට වඩා හිතනවද දන්නෙත් නෑ..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYحيث تعيش القصص. اكتشف الآن