18 කොටස

13.1K 1.5K 637
                                    

මේ මනුස්සයා හම්බෙලා දැන් සති දෙකක් වෙනවා.. පුදුම මගුලක් තමා.. මගේ ඔලුවත් කැක්කුමයි හු#ත.. එක්කො මගේ ඔලුව කැක්කුමටම පැලිලා මැරෙනවා.. නැත්නම් සිවිලිමේ මගේ ඔලුවට උඩින් තියන ශීට් එක කඩාවැටිලා මම මැරිලා යනවා.. කොහෙන් ගියත් මැරෙන එකනෙ.. විශ්වාස කරන්න අමාරු වුණාට මම ඉන්නෙ පුපුරලා මැරෙන්න තරම් පීඩනේක.. ඒක කොහොමද කියලා ඉවරකරගන්නෙ.. මම හුස්ම ගන්න වාරයක් ගානෙ ලොකු පීඩනයක් දැනෙනවා.. වෙලාවකට හිත හරි කලබලයි.. මම හිතන්නෙ ඒක වයසෙ වැරැද්දක්ද කොහෙද.. 

" පුතා මට තාත්තගෙ මග් එක ගෙනැත් දෙන්නකෝ.."

අම්මා කෑගහද්දි මම තාත්තගෙ කාමරේට ගියේ මෙලෝ සිහියක් නැති එකෙක් ගාණට.. ඇයි මට කලින් වගේ ඉන්න අමාරු.. එක්කො මම මේ මිනිහට කියනවා මගෙන් ඈත් වෙලා ඉන්න කියලා.. ඈත් වෙලා තමයිනෙ ඉන්නෙත්.. මම සති තුනකින් අයුක අයියව දැකලා නෑ.. සති තුනක් කියන්නෙ ලොකු කාලයක්නෙ..!! එදා කිව්ව ජීවත් වෙන්න හේතු අඩු කතාව මට මතක් වෙනකොට පපුවෙ පැත්තක් හිරිවැටීගෙන යනවා..

මම අත මිටි කල්ලා පපුවෙ පැත්තකට දෙපාරක් විතර ගහගත්තම කාමරේ ඉඳපු තාත්තා මං දිහා කණ්නාඩිදෙකට උඩින් අමුතුවට බැලුවා..

" මොකෝ මේ.."

" කැස්ස තාත්තේ.."

මම තාත්තට වෙනසක් පෙන්නන්නැතුව කුස්සියට ගිහින් අතේ තිබ්බ එක සින්ක් එකට දැම්මා විතරයි අම්මා පොල්කටු හැන්දෙන් පස්සට එකක් දුන්නා.. මම එහෙමම උඩ ගිහින් බිම වැටුණා.. රිදෙනවා අප්පා..!! හැමෝම ඉන්නෙ මගේ හිත රිද්දන්න තමා..

" ආව්වා.."

" මොන-මොන සිහියෙන්ද ඉන්නෙ ආ.. ඔය මොකක්ද ගෙනැත් තියෙන්නෙ.."

මම ක්ශණීකව අතේ තිබ්බ එක දිහා බැලුවා.. හුකා.. මේ මොකක්ද මම සින්ක් එකට අතෑරලා තියෙන්නෙ.. මේසෙ උඩ තිබ්බ පිරිටන් සිරප් බෝතලේ.. මල මගුලයි..

" මේක ගෙනාවෙ අනේ.. මේ බලන්නකො කූඹියො ඇවිල්ලා බෝතලේට.. ගහන්න එපා අප්පා.. හොඳක් කරත් වැරදී.."

මම ටැප් එකත් ඇරගෙන යසට තිබ්බ බෝතලේ නැති කූඹි ගස ගස ඒක හේදුවා.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now