123 කොටස

8.7K 1.1K 940
                                    

" සෙනුකයා.. මේ අහපන් හරිද.. මට මේ රධ්‍ය සනව් හෙලාක්ස අධිකාරි කියන අලිපුපෙන් ආපු එකාව ඕනම නෑ බං.. මම ආදරේ ආධ්‍ය අයියට උඹ ඒක දන්නවනෙ.. උඹට කියන්න බං මේ ගැටපොළොස් කොට්ටෝරුවා අර ක්ලබ් එකේ හැමෝම බලන් ඉද්දි මගේ කොලර් එකෙන් ඇදන් ගිහින් 'ප්‍රැක්ටිස් පල' කියලා පුපට ගහලා කල්බ් එක ඇතුළට විසික් කළා.. අර ටෙනිස් ගහන ඩයල් එකත් බලන් හිටියා බං.. මේ දීගෙ මට ඕන නෑ.. අපේ මාමට ඕන හු#තක් කරගන්න කියපන් හරිද.. මම යනවා ආධ්‍ය අයියත් එක්ක.. මම ආදරේ ආධ්‍ය අයියටනෙ සෙනුක.. උඹම කියපන්කො මූට වටිනවට අර හැමෝම ඉස්සරහා මගේ කාඩ් එක කුඩු කරන්න.. මෙහ් මම නුවර යන්න ඉන්නෙ ටූනමන්ට් එකකට.."

ෂනෙරුවා දාඩිය පෙරාගෙන ෆෝන් එකත් ඉස්සරහට දික් කරගෙන ක්ලබ් එකේ රූෆ්ටොප් එකට වෙලා අලි විසාල දුක් ගීයක් ගයන්න ගත්තා.. රධ්‍ය අයියා සනෙරුගෙ පුපට ගැහුවා කියන එක විතරයි මුළු සංවාදෙන්ම මගේ මොළේට ගිය එකම දේ.. මූ හොඳට ඉන්න මාවත් නරක් කරනවා.. මේකා එක ගෙයි කන්න ඕන කියලා කියන්නෙ විහිළුවට කියලා මම හිතුවෙ.. බලන් යද්දි එහෙම නෑ වගේ.. ආධ්‍ය අයියා ගැන කියපු නැති දවසක් තියද මං අහන්නෙ.. හැමදාම ආධ්‍ය අයියගෙ කොණ්ඩෙ ලස්සනයි, ආධ්‍ය අයියා ගාව සුවඳයි, ආධ්‍ය අයියා උයන කෑම රසයි- ඔච්චර තමා කටේ තියෙන්නෙ.. 

මම ඇඳේ හරහට නිදාගෙන සනෙරු දිහා බලන් හිටියා.. මස්සිනා පගයා ගියානෙ මූණ හෝදගෙන එන්න.. අපි පැල් රැකලා ගෙදර එද්දි පාන්දර වුණා.. අනික අලි ඉන්න නිසා පණ බයේ ගැහි ගැහි ආවෙ.. උදේ අයුක අයියට අපි පැල් රකින්න ගියා කිව්වහමයි, අර විකාරා නංගි මාව බඳින්න ඉන්න එකයි ගැන කිව්වහම අයුක අයියා ක්ලබ් එකේ ප්ලේ කරන බැට් එක මට පෙන්නලා කිව්වා 'සුදූ.. මේකෙන් ක්‍රිකට් ගහන්න විතරක් නෙමෙයි පුළුවන්' කියලා.. ඔව් ඒක මම දන්නවා.. ඔය ලේනා ආයෙ සිගරට් එහෙම බීලා අහුවුණොත් මම බැට් එකෙන් උගේ ඔලුවට දීලා මරනවා.. එතකොට බැට් එකෙන් මනුස්සයෙක් මරන්න පුළුවන්.. නැත්නම් ආත්මාරක්ෂාවට තියාගන්න පුළුවන්.. අයුක අයියා නොකිය කියන්න ඇත්තෙ විකාරා නංගිට බැට් එකෙන් ගහනවා කියලා වෙන්නැති.. අන්න දැක්කනෙ නංගි උඹ ගුටි කන්න තමයි යන්නෙ.. නංගි දන්නෑ මේ අයියව එහෙම ලේසියෙන් බඳින්න බැරි බව.. නොදැනුවත්කමට ගැත්තිට සමාව දෙනවා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now