61 කොටස

11.9K 1.2K 941
                                    

"සෙනුකයා.!!!!!!!"

මේ මිනිහා දැන් ඉස්කෝලෙක හොයාගන්නත් නෑ රෙද්ද.. මට නම් පුදුම කේන්තියක් එන්නෙ.. ඇයි හත්තිලව්වෙ උදේ ඉස්කෝලෙ ආවනම් යන දේවාලෙක කියලවත් පලයන්කො.. ඕකා මම දන්නවා ඔය බැට් එක නිසා මට බූට තියනවා.. හිතාගෙන ඇති මට බූට තියලා මුළු ජීවිත කාලෙම අත පය කපාගෙන චිත්‍ර ඇඳ ඇඳ ඔරියෝවත් බදාගෙන ඉන්න.. ඌව දුන්නෙත් මමනෙ.. ඇත්තටම අයුක අයියා මට බූටක් තිබ්බොත් මම මොකද කරන්නෙ.. අපරාදෙ කෙල්ලෙක් වුණානම් බඩේ කොට්ටයක් බැඳගෙන ගිහින් උන්ගෙ සීයට කියන්න තිබ්බා අයුක අයියා නිසා මම බඩවෙලා, දැන් ළමයව බාරගන්න කියන්න, නැත්නම් මම අරලියගහ මන්දිරේ ඉස්සරහා බූමිතෙල් කාලක් ඔලුවට හලන් ගිනි තියන් මැරෙනවා කියලා.. අසරණ මටයි මගෙ නූපන් දරුවටයි කරපු අපරාදෙට.. අවලං ලේනා.. අහුවෙද්දෙන් අදනම් හොඳ වැඩක් කරනවා.. හොඳ වැඩක් කරන්නත් මේ ගොබ්බ ලේන් හත්වලාම ඉස්කෝලෙ එන්න එපැයි.. එක අතකින් බිග් මැච් එකනෙ.. ඒකෙ වැඩත් තියනවා තමයි.. හැබැයි මට පොඩ්ඩක් කියලා ගියානම් මුගෙ නැට්ට ගෙවෙනවද.. නෑ..!!

මම මනෝ ගහ ගහ ආට් එකේ පඩිපෙළට පය තිබ්බා විතරයි ඈතින් පියාඹගෙන ආපු සර්වියට් එකක් මූණ මැද්දට වැදුණා..

" ඕයි හිටපන්.. කොහෙද ඔය ආට් එකේ බඩගාන්නෙ.."

" ජොනා..!!"

මම හිටපු දිහාවට දුවගෙන ආවෙ ජොනතන්.. අවුරුද්දෙන් පස්සෙ අපිට පුරුදු විදියටම ඉස්කෝලෙ පටන් ගත්තා.. මගේ ලස්සනට තියන් හිටපු කොණ්ඩෙත් මට කපලා දාලා ආයෙම සුදුරුදු පරිදි තවලම ඇදගෙන යන හරකගෙ බරටත් වඩා අලි තඩි වැඩ ගොඩක් එක්ක පුරුදු ජීවිතේටම පය තියන්න වුණා.. 

" අද නෆ්‍රාසුත් නෑ බං.. පල්ලි ගිහිල්ලා.."

" අම්මටසිරි උඹ තනියමද.."

" කට්ටියක් හිටියා.. බී එස් සර් ඇවිල්ලා නැල්ලු.."

" වරෙං උඩට යන්න.. මම අරවින්දව හම්බෙන්න යනවා.."

ජොනතන් මගේ කරටත් අතක් දමාගෙන උඩ තට්ටුවට ගියා.. ෂනෙරුවා අද රධ්‍ය අයියට අහුවෙලා ටොකු කකා බැනුම් අහනවා.. ඒ අස්සෙ රධ්‍ය අයියා බනින්නෙ නිකන් නෙමේ අල්ලපු ගෙදර ගෑණියෙකුත් මතක් කර කර..'කෝ ලියපන් වේරියේශන් ඔෆ් වෙලෝසිටි ඇන්ඩ් ඩිස්ප්ලේස්මන්ට්, කලින් කිව්වා ගණන් ටික හදන් වරෙන් කියලා.. කොහේද ඉන්න ගෑණියෙක් බලන්න ගිහින් ගණනුත් අමතක වෙලා.. අම්මපා උඹ නිසා මගේ ඔලුවෙ රදෙත් වැඩිවෙනවා.. බ්ලා බ්ලා'.. රධ්‍ය අයියගෙ කටින් බැනුම් අහගන්නවට වඩා හොඳයි පුප හපන් තනි කකුලෙන් ගිහින් දියවන්නා ඔයට පැන්නනම්.. ඒකට බලන්න මගේ ලේන් පැටියා කොච්චර හොඳද.. බනින්නෙ නෑ 'පාඩම් කරන්න වත්සල්' කියලා මාරුවෙනවා මිසක්.. ඌට මම කියන දේවල් තේරෙන්නෙ නැති එක හරි.. ඒ වුණාට අයුක අයියව හොඳයි බයෝ පාඩම් කරන්න අල්ලගන්න.. වැඩක් නැත්නම් එම් සී කිව් බලවගන්න.. ස්ට්‍රෙස් වැඩි නම් වනචර කතා කියලා රතු වෙනකල් විහිළු කරන්න.. අයුක අයියගෙන් මොකෝ මම සමාගම් ගාණ අහගෙන අනුමාපනය කරන්නද.. එහෙම කරන්න බෑනෙ.. 

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now