" උඹද පන්ති නායකයා.."

හාමුදුරුවො කෑගැහුව පාර මගේ මිත්‍රයා බයවෙලා පුටුවෙන් බිම.. පන්තියම හිනාවුණා.. නෙද්දකින්.. මේ පගා අපිට ලැජ්ජ කරනවා..

" හ්-හාමුදුරුවනෙ.."

" උඹ වරෙන්..පන්තියම වරෙන්.. ඔක්කොම ඔක්කොම.. මම දැන් පැය බාගයක් තිස්සෙ මේ බජව්ව දිහා බලාගෙන ඉන්නෙ.. කිව්වට නවත්තන්නෙත් නෑ.. අනිත් පන්ති උගන්නන්නෙ කොහොමද.. උඹලට මොළයක් නැද්ද-"

මම කරබාගෙන පන්තියෙන් එළියට පැන්න පාර හාමුදුරුවො අත දිගෑරලා දුන්නා පුපට වේවැලෙන් ශොට් එකක්.. මගේ නිකලැල් තට්ටමේ කැළලක් හිටියදෝ.. මම අත් දෙකෙන්ම පස්ස අල්ලගත්තා.. ඒකටනම් කඳුළුත් ආවද මන්දා.. ඒ එක්කම දිගට හරහට එළියට එන හැම එකා ගානෙම හාමුදුරුවො වේවැල වනනවා මට ඇහුණා.. මම මුලින්ම ගිහින් මැද මිදුළෙ දණගැහුවා.. සැක් සෙක්ශන් හතරක් මැද්දෙ ගැම්මට දණගහනවා කියන්නෙ.. කොල්ලො හිතුව තරම් මා-

" පීරියඩ් එක ඉවරවෙනකල් දණ ගහන් ඉඳපන්.. මීහරක් වගේ කෑගහනවා ඉවරයක් නෑ.. මේක මොකක් කියලා හිතාගෙන ඉන්නවද.. ෂනෙරු..!! සෙනුක..!! ජොනතන්..!! උඹලා තුන්දෙනා ඊළඟ වතාවෙනම් මගෙන් කනවා පුතේ.."

හාමුදුරුවො අපි දෙන්නගෙ මූණු දෙකට වේවැල වනලා අනිත් උන්ටත් රවලා ආපහු වැඩියා.. හාමුදුරුවො යනකල් ඉඳලා මම කකුල් දෙකේ පිටිපස්සට බර වුණා.. එහෙම දණගහන් ඉන්න පුළුවන්ද දෙයියනේ මේ බාගෙට තණකොළ ගැලවිච්ච මැදමිදුලෙ.. 

" සෙනුක මට චූබරයිනෙ ඕයි.."

" අර මල්පැලේට අල්ලපන්.. හිකනලා තෝ නිදාගත්තා නේද මම අච්චර කතාකරද්දිත්.."

ෂනෙරුවා උගේ අර අමුතු බෝල ඇස් දෙක හෙන දුකින් බර කරගෙන මගේ දිහා ඇස් යටින් බැලුවා.. 

බෑනෙ කරන්න මූ එක්ක..!!

මේ ඉන්නෙ මගේ අතිජාත මිත්‍රයා වරද් ෂනෙරු උද්‍යෝග මල්හාමි.. ඌ මලක් කියලා ඌ හැමතිස්සෙම කියන නිසා මම හිටිය ගමන් ඌට මල්හාමි කියලා කියනවා.. නමේ අවුලක් නෑ.. ඌ මලක් වගේ තමා.. හෙන සුදු, බළල් ඇස් දෙකක් තියන.. ඒ ඇස් දෙකත් දුඹුරුපාට වෙච්ච එළම කොල්ලෙක්..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now