1 කොටස

26.9K 2K 1.3K
                                    

" කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා.. ඒත් ඔයා ළඟ නෑ අම්මට හු#න රටා.. භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා-"

" අඩෝ අඩෝ හාමුදුරුවො එනවා.. සෙනුකයා ඕක නවත්තගනින් බල්ලො..!!"

මම හනිකට බෙර ගගහා හිටපු පෑන් දෙක සාක්කුව අස්සට ඔබාගෙන සෞඛ්‍ය පොත පෙරළගත්තා.. හම්මට මළල ක්‍රීඩා.. මළල ක්‍රීඩා නෙමෙයි පුතෙ හාමුදුරුවො උඹේ පද රචනය අහලා මෙදා පොටේ තාත්තගෙ පිරිවෙනට පෙත්සමක් යවයි පුතණ්ඩියා අමු කුණුහර්ප පද රචනෙට ගහලා ඉස්කෝලෙ ලමයි බඩ කළා කියලා.. කෝකටත් තෛලෙ දහම්පාසලේ පද්‍ය ගායනා තරඟෙට කිව්ව කවිය තමා.. මම දොහොත් මුදුන් දීලා වැඳගත්තා..

" සෙත් සිරි දෙන මහා ගුණ මුහුදාණන්~
සත් හට වන බව දුකට වෙදාණන්-" 

හාමුදුරුවො වඩින වැඩිල්ලට දුවලා බෑ පියාඹන්නම වෙනවා.. විනාඩි එකයි තප්පර එකොළහක් ගියේ නෑ හාමුදුරුවො දහය එෆ් පන්ති කාමරයේ උළුවස්සට හේත්තු වෙලා අපි දිහා කන්න වගේ බලාගෙන හිටියා.. මම මගේ කවිය කන්ටිනිව් කළා.. හාමුදුරුවො වුණත් දැනගන්න ඕන මේ පන්තිය කියන්නෙ කොච්චර හොඳ පන්තියක්ද කියලා.. විශේශෙන්ම අන්තිම පෝළිම.. ඒකෙත් අපරදිග සංගීතය කරන සෙට් එක.. ඒකෙනුත් පන්ති නායකයයි උප නායකයයි වෙච්ච උන්ව..

" පන්ති නායකයා බැහැපිය එළීයට.."

මම මගේ එහාපැත්තෙ කට බලියගෙන නිදාගෙන ඉඳපු මගේ අතිජාත කල්‍යාන මිත්‍ර සිරිමත්ගෙ පොඩ්ඩක් අලුත් වර්ශන් එකට ඇඟිල්ලෙන් ඇන්නහම ඌ මගේ අතට එකක් ගහලා අනිත් පැත්ත හැරිලා මොනවදො නින්දෙන් කිය කිය හිනාවුණා.. 

හීනෙන් මූ වැලක් බලනවද..

මම ක්ශනිකව උගේ කලිසම දිහා බැලුවා.. නැගලා නෑනෙ.. එහෙනම් වෙන මොකක් හරි වෙන්නැති.. හීනෙන් ශෝන් මෙන්ඩිස් එක්ක පූල් පාටියක් දානවද කව්ද දන්නෙ.. දැන් ඒක නෙමෙයිනෙ මෙතන තියන ප්‍රශ්නෙ.. හාමුදුරුවො මහා කරුණාව පාන්න වැඩලා සහෝදරවරුනි..!!

" නැකිටපන් බල්ලො.. උඹට කතාකරනවා.."

" ආ-ච්චිඅම්මෙ අනෙව්-"

දෙතුන්පාරක්ම කතාකල්ලා මූ උගෙ ආච්චිඅම්මා ගැන කියවන ගත්තු නිසා මම ශේප් එකේ පන්ති උපනායක බැජ් එක ගහගෙන කන්ද උඩින් පායන හිරු මෙන් නැගිට්ටා.. හාමුදුරුවො දිහා බලලා මදහසකුත් පෑවා.. හාමුදුරුවො මට ඒකට රැව්වෙ මොන හිතකින්ද කියලා මම අදටත් කල්පනා කරනවා..

BROKEN MIRRORS | SEPALIKA SIDE STORYWhere stories live. Discover now