A/N POV......
ඇග හිරිවැටෙන හීතලයි, හිරි ගඩු පිපෙන හුළං රැලියි,පපුව හිරි වැටිලා යන තරුණ ගී හඬවල් එක්ක මුසු වෙච්ච අහස උසට නගින ගිනි දළු අද රාත්‍රිය යකාගෙ පඩිපෙළ තවත් ලස්සන කරලා තිබුණා..
ඊටත් වඩා මත් ගතිය එක්ක ටික ටික අන්තෙට ගිහින් හිටපු ඔවුන්ගේ ගී පද එක්ක වෙනදාට වඩා එහි වටපිටාව රෝමාන්තික වෙලා..
මොකද එකිනෙකා දෙස නෙත් යොමු කරගෙන ඉඟි පාන ආදරවන්තයන්, කොලඹ රටේ දඩබ්බර මිත්‍ර සමාගම් අද සුන්දර කඳුකරේ යකාගෙ පඩිපෙළේ තරු පිරුණු අහසක් යට එකතු වෙලා නිසා...
තේවි දිවාකරගේ මෙන්ම චන්දුල දමන්වරගේ එකිනෙකට හොඳින් මුසු වෙච්ච ලයාන්විත ගැඹුරු ගී හඩින් හදවත බොහෝ නොසන්සුන් කරගෙන හිටපු ජානුට නම් සැරින් සැරේ ඔහු වෙතට යොමු වෙන ඒ දෙසොහොයුරන්ගේ බැල්මක් ගානේ දැනුනෙ අමුතු හැඟිමක්...
ඔහුගෙ හිතේ කිසිදා චන්දුල දමන්වර ගැන විශේෂ හැඟිමක් ඇති නොවුණත්...ඔහු දැනගෙන හිටියා...ඒ ඒක පාර්ශ්වික හැඟිම කෙතරම් ගැඹුරු ඇතිද කියා....සැබෑවක් මේ මොහෝතේ පවා සැබවින්ම ඔහු ආකර්ෂණීය නැද්ද....
ටිකක් දිගට බෙල්ල ගාවට වැවුණු කොන්ඩෙ...ඒ සීතල බැල්ම...බටහිර ආරෙට බර ගී හඩ...සුදු පාට නහර පේන අත් .
නමුත් ජානුක්‍ය දේවනාරායන දෙවියෝ චන්දුලට මවා තිබුණේ නෑ....ඔහුට පුළුවන් ආකර්ෂණය වෙන්න...ඒත්...ඔහුට බෑ අයිති කර ගන්න..ඒ අයිතිය දෙවියන් වහන්සේ දුන්නෙ සංසාරේ පතාගෙන ආපු ඔහුගේම සහෝදරයාට...
ඔවුන් සහෝදරයෝ නොවුණා නම්....එතන විශාල ගැටුමක් ඇති වෙන්නත් තිබුණා...නමුත් දෙවියන් වහන්සේට ස්තූති වෙන්න ඔවුන් අහම්බෙන් හෝ එක ලේ ඇති සහෝදරයන් ලෙස ලොවට මවා තිබුණා...