84 වෙනි කොටස 🧪

762 130 38
                                    

නිදාගෙන අනිත් පැත්තට alarm එක වැදුනම දැනෙන සැප කොහොමද කියලා මං උඹලගෙන් ඇහුවොත්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

නිදාගෙන අනිත් පැත්තට alarm එක වැදුනම දැනෙන සැප කොහොමද කියලා මං උඹලගෙන් ඇහුවොත්...ඒක මහ කරුමයක් බන් එහෙමනේ ??

උඹලා දන්නවා පාන්දර වෙනකම් ඇහරන් ඉඳල එක්කෝ මල් කඩලා, නැත්නම් drama බලලා එහෙමත් නැත්නම් තැඹිලි පාට app එක අස්සේ රිංගන් ඉඳලා පාන්දර 1,2 වෙනකම් ඉඳල ආයේ පාන්දර 3 ට වගෙ ඇහැරෙන්න වුණොත්...සැප කොහොමද...

අපි ඊයේ රෑ හොල්මන් film බලලා ඩෙගා නටලා ඔක්කොම කරලා නිදා ගන්න කොට පාන්දර එක හමාර පහු වෙලා..ඒත් හරියට පාන්දර 3 වෙද්දී alarm එකක් කණ ගාව ඇහුනත් පුතේ සුපර් ග්ලූ ගාලා වගේ ඇලවිච්ච මගේ ඇස් දෙක ඇරගන්න නම් මට සෑහෙන්න අමාරු වුණා..

ඒ නිසා ඕනි උට්ටක් වෙන්න කියලා ආයේ අනිත් පැත්ත හැරිලා නිදා ගන්න ගියත් නිදා ගත්ත ටික වෙලාවට හරි මෙච්චර වෙලා ළඟ තිබ්බ රස්නෙ නැති වෙද්දී මං ඇස් වහගෙනම මගේ අත බිම තිබ්බ මෙට්ටෙ පුරා අරගෙන ගියා...

ආආආ මේ ඉන්නෙ..ආයේ ඒ පැත්තට ගිහින් අත වටේම දාගෙන මම ලං වෙන්න කලින් මාව ඒ අත් අස්සේ හිර වුණා..

ඒ මදිවට බං මගේ ඇග උඩින් දාපු ඒ කකුල අස්සේ මාව හිරවෙලා හොදටම ඒ සොෆ්ට් පපුවට තද වුණා...ඒත්...පුරුදු නෑනෙ...මේ සුවඳ...මට ඕනි සුවඳ නෙවෙයි...මං දඟලන්න ගියත් ආයේ මාව තද වෙද්දී මගේ කණ ගාව ඇහුනේ ජන්මාන්තර සුපුරුදු කට හඩ...

"ආආආශ්...දඟලන්න එපා බල්ලෝ...තව පැය බාගයක් තියනවා නිදා ගනින්කෝ හුත්#...මට නම් දැම්ම නැගිටින්න බෑ..තොට ඕනි නම් පල..."

උඹලා හිතන්නෙ කවුරු කියලද...ඔව් ඔව් ඌම තමා මගේ සදාදරණීය සෝසේ....ඇද උඩ හිටපු එකා උදේ පාන්දර බිමට කඩා පහත් වෙලා..මූටත් ඉතිං මගේ අස්සෙම ඇමිනෙන්න එපැයි..එතකොට කෝ යකූ මගේ මනුස්සයා...

_ආදර_සමීකරණ_Tahanan ng mga kuwento. Tumuklas ngayon