78 වෙනි කොටස 🧪

1.1K 149 177
                                    





Semi smut එකක් තීනෝ....ඔයාලට uncomfortable නම් skip කරන්න පුළුවන්...🚫❗️...

කරන්නෙ නෑ උඹලා I know 🤣👉👈🌚


A/N pov

"ඔය ඇදුම් මාරු කරගෙන නිදා ගන්න..."

පුළුවන් තරම් සන්සුන් වෙලා තේවි කිව්වේ...පපුවේ අස්සේ ලොකු වේදනාවක් ඇති වෙද්දී...ඔහු දන්නවා සම්පූර්ණ වැරද්ද ඔහුගෙ කියලා...ඒ නිසාම තවමත් ඔහු ඉවසුවා...

"බෑ....මේකට ආසයි මං... bby girls ලා ගෙ කිසුත් තීනවාආආආ"

එහෙම කිව්ව ජානු එතන මේසෙ උඩ තිබුණු sprite bottle එක බීගෙන බීගෙන ගියා....ඒ හැමවෙලේම ඒ ඇස් තේවිව පරීක්‍ෂා කරා...

"ම්ම්...ඕනි පම්#ක්....."

එහෙම්මම ගියපු තේවි කව්ච් එකෙ රෙදි රැක් එකට දාලා එතෙන්ට ගිහින් හාන්සි වුණා..මොකද දැන් මේ Angry bird ජානු කීයටවත් තමාව ඇදට ගන්නේ නෑ කියල තේවි දැනගෙන හිටියා...

තමන්ට පිටුපාලා හාන්සි වෙලා ඉන්න තේවි දිහා ටිකක් ඉස්සිලා බලපු ජානු...කට අතකින් වහගෙන තනියම හිනා වුණා....ඒත් ආයේ තේවි පිටිපස්ස හැරෙන කොට ඔහු අහක බලා ගත්තා...

"වමනේ දාන්න ඕන වුණොත් කියනවා...වැනි වැනි තනියෙන් යන්න එපා..."

"හුම්....ඔතනද ඉන්නෙ..."?

"ඔව්..."

"හාකො.....ඉන්නවා...මට මොකද..."?

එහෙම්මම ඇදේ නිදාගන්නවා වගෙ පෙරලුණ ජානු ආයෙත් හිමින් ඇදේ වාඩි වුණා... කොන්ඩෙ  අවුල් වෙලා ඇස් බෝල කරලා හොරෙන් හොරෙන්  බලන ඔහු එක්වර හුරතල් mode එක එක්කම සමාන්තරව හොට් mode on කරන්නේ කෙසේද කියලා ඔහුව දකින කෙනෙක්ට හිතාගන්න බෑ...

කව්ච් එකෙ ඉන්න තේවි දැනටමත් ඇස් දෙක පියාගෙන. ...light off කරපු නිසා කාමරේ කළුවර වෙලා... ලා නිල් පාට ඒත් night lamp එක දැල්වුනා..ටිකක් වෙලා හොද නින්දක් දාපු නිසා ජානුගේ නිදි මත ගිහින්...අනික වමනේ ගියපු නිසා වගේම සීතල වතුරෙන් මූණ සෝදපු නිසා ටිකක් තද වෙරි මත දැන් අඩු වෙලා...

එළියේ හෝ ගාල වැස්ස...ඒත් කාමරේ අස්සේ තිබුණේ උණුසුමක් වුණත්...ඇග ඇතුළෙ උන වගේ නිසා ජානුට ආයේ තද හීතලක් දැනුනා...

_ආදර_සමීකරණ_Where stories live. Discover now