හවස class ඇරලා එද්දි ලාවට තිබුණු පින්න එක්ක අහසේ තිබුණු අදුර නැති වෙලා ගිහින්..හැබැයි වටේම තිබුණේ දූවිලි සුවඳ එක්ක වාහන දුම් mix වුණ හුළඟක්..ලා අදුරු අහසේ සැරින් සැරේ මතු වෙන අළු පාට වලාකුළු කුට්ටි වහගන්න හදන කහ පාට හද පළුව දිහා බලාගෙන මං කම්මුලට අත තියාගෙන දැන් පැය ගානක් කල්පනා කරනවා.."මට ඕනි අහසක් වෙන්න. ..එච්චරයි..."
චන්දුගේ වචන..දැන් 100 පාරකට වඩා මගේ ඔලුවේ repeat වුණා...අහසක්....??? ඒත් ඇයි... අදුරු අහස පුරාම මගේ ඇස් එහෙ මෙහෙ යද්දි... කාමරේ බැල්කනි එකේ බිම පොඩි මෙට්ටේ දාගෙන මං හාන්සි වුණා..මගේ පපුව උඩ අද class එකෙ උගන්නපු physics නෝට් එක..
අද උගන්නපු දේ අදම ඔලුවට දාගන්න ඕන කියන අයියගෙ තියරිය එකහෙළා අනුමත කරපු මගේ අයින්ස්ටයින් වැහුනු කොලු පරානේ නිසා මට ගෙදර ආපු ගමන් නිවනක් තිබුණේ නෑ බන්..ලොකුගේ campus නිවාඩුව දික් වෙලා ඒ නිසා එයාට රජ මගුල්..මොකද සචින් අයියත් අපෙ ගෙදරනේ..
අද අම්මත් රෑ ඉන්නවා..ඔක්කොම එකතු වෙලා පහල කඩේ දාගෙන..ඒත් වෙනදට ඔක්කෝටම කලින් කඩේ අරින මං තනියම මෙතන...ස්කොලෙ ගිහින් ඉවර වෙලා physics class එකෙ හිටියට මොකද එතන තිබුණේ මගේ ඇග විතරයි බන්..
හිත තිබුණේ සැහෙන්න දුර ගිහින්..මං ලොකු කතාවක් වත් නැතුව ඉද්දි අපෙ එවුන්ට සැක හිතිලා වුණත් ..කිසිම දෙයක් කාටවත් නොකියා මං බොරුවට හිනා වුණා..තේවිව දකිද්දී ආයේ ආයේ චන්දු කිව්ව දේවල් මගේ කන් වල දෝංකාර දුන්නා...
කවුද මේ අශ්වින් ඉසිවර බන්ඩාර කියන්නේ..එච්චරටම දේවනාරායන ලේ වලට වෛර කරන...ඒත් මොකටද ...මෙලොව දෙයක් දන්නෙ නැති මං මොකටද මේවට භය වෙන්නේ..මං එයාට වැරද්දක් කරලා නෑනෙ..බන්..මොන ඇටි කෙහෙල් මලක්ද මේ...