22 වෙනි කොටස 🧪

843 129 81
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




අද පෝය... නිවාඩු දවස...දෙය්යනේ කියලා ටිකක් දවල් වෙනකම් නිදාගන්න පුළුවන්..මොකද දවල්ට ස්කොලෙට යන්නත් එපැයි අර මගුල පුරුදු වෙන්න...ඊයේ ගෙදර ආවා විතරයි මතක...මහන්සි නිසාම කලින්ම කාලා බීලා නිදා ගත්තා..සෝසේ අද ගෙදර ගියා..අද උගේ අම්මා ගෙදර නිසා...

තේවි ගෙදර ආපු ගමන් නිදා ගන්න ගියේ...හොඳ වෙලාවට ඊයේ රෑ අපෙ අම්මා ගෙදර...පස්සේ මූට හුස්මක් වත් ගන්න බැරි නිසා සිද්ධාලේප එහෙම දාලා දුම් එහෙම අල්ලන්න දුන්නා...ඊට පස්සේ ගෙදර තිබ්බ පැනඩෝල් දෙකකුයි, පිරටීන් එකකුයි, ඇමොක්සිලීන් කරල් දෙකකුයි, සිට්‍රසීන් එකකුයි දීලා තමා නිදාගන්න යැව්වේ...

මට පණ්ඩිතකම් කියවන්න ආවට මොකද මේකට බෙහෙත් පොවන්න තියන අමාරුවක් යකූ...පුදුම වදයක් දුන්නෙ ඔය ටික බොන්න...බබා වෙන්න එනවා....ඌ බබා වෙන්න ආවම මම මොකෙක් වෙන්නද...දෙන්න තියෙන්නෙ මූට...

මම රෑ කලින් නිදා ගත්තට මොකද බන් මට තවම නිදි මතයි...අර නිදාගෙන වැඩි වෙලා වගෙ...🤣ඇස් දෙක ඇරගන්න බෑ....මම මගේ චුටි දම් පාට කොට කලිසම ඇදලා මටත් වඩා ලොකු කළු bagi T එක ඇදලා ඉන්නෙ...මුළු ඇද පුරා තාරකා මාළුවෙක් වගේ කකුල් ,අත් දිග ඇරගෙන....

හවස යන්න බෑ.....අයියෝ...මොකද කරන්නෙ....අයියෝ මට බෑ..මේක කරන්න.....

ඒත් එක පාර වේගෙන් ආපු දෙයක් මගෙ දොරේ ඩාආආන් ගාලා හැප්පිලා දොර බාගෙට ඇරුනා...කවුද යකූ මේ උදේ පාන්දර දොරවල් ඇරගෙන එන එකා...අම්මා වෙන්න බෑ...එයා එන්න කලින් කතා කරලා එන්නේ....ලොවෙත් තේවි නෙවෙයි...එයාගෙ ඔහොම වැඩ නෑ..මගෙ කොල්ලා ඩීසන්....

"මොකාද දොර කඩන්න යන්නේ ආආආ....."???

සද්දයක් නෑ ඒ පාර...පහල tv එකේ අම්මා හයියෙන් බන දාගෙන...අයියෝ සාමී ....අපෙ අම්මට කොච්චර කිව්වත් වැඩක් නෑ...පෝය දවසට මුළු ගමටම ඇහෙන්න tv එක දාගෙන...ඇයි යකූ ඕක තමුන්ට විතරක් ඇහෙන්න දාගන්න බැරිද ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now