සෝසේ එක්ක උදේ ස්කොලෙ එන්න ඕනවට ආවා මිසක් එයා නැතුව මට කොනක ඉඳන් දැනුනෙ කියා ගන්න බැරි පාලුවක්...බන්..උදේ bus එකෙ එනකම්ම පුදුම මූසල හැගීමක් මට දැනුනෙ...
ස්කොලෙට ආපු ගමන් උදේම prefect ඩියුටි නිසා මම සුලක්කන අය්යා එක්ක ඒ වැඩ වලට ගියා...ඕනවට වඩා busy වෙන එක තමා හොඳම දේ බන්...මොකද තේවි නැතුව අපෙ පන්තිය විතරක් නෙවෙයි මුළු ස්කොලෙම මූසලයි මට...
ඇත්තටම එයා මේ දවස් දෙක තුනේ මොනා කර ගත්තද, හොඳින් ඉන්නවද කියලා දන්නේ නැතුව මං හිටියේ පිස්සෙක් වෙලා..ඒත් එයාගෙන් අඩුම එක message එකක් වත් නෑ කියන්නේ අර වෙසමුණි Uncle කාරයා මොකක්ම හරි කරලා ඇති..
ජෙනායා අක්කට call කරන්න ගිහිනුත් ආයේ එයාලාට වද දෙන්න බැරි නිසා මම පාඩුවේ හිටියේ බන්...මොකක් හරි දෙයක් තියනවා නම් එයා කියයිනේ....
මගේ ඩියුටි ඔක්කොම ඉවර වෙලා සුලක්කන අයිය එයාගෙ පන්ති පැත්තට ගියාට පස්සේ මං ආයේ උඩ තට්ටුවට දිව්වා...ඒත් මං දැක්කේ උඩ ඉඳන් කවුරු හරි කඩා බිඳ ගෙන එනවා..දැකලා පුරුදු මූනත්තභඩුවක් වෙද්දී මං එහෙම්මම එතන හිට ගත්තා..
"කොහේද උට්ටො යන්නේ...හදිසියකට හොයා ගන්න නෑ..."
"ච...න්...දු...."?