25 වෙනි කොටස 🧪

881 135 107
                                    

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.





එළියේ මොකෙක්වත් නෑ...ඔක්කොම ඉතිං ඔඩිටෝරියම් එක අස්සෙනේ...මම wash room තිබ්බ පැත්තට වේගෙන් ගියා...ඒත් ඔඩිටෝරියම් එකට පිටිපස්සෙන් make up room එක පැත්තෙන් තියනවා බං එළියට එන්න දොරක්...

අර තේවි මගේ guitar එක ගන්න ගියේ ඔන්න ඔය දොරින්....මතක් කරද්දීත් තරහ යනවා ගස් බල්ලව....

ඉතිං ඔතනින් එළියට ආවේ ලක්කනයා...උගේ අතේ චන්දුල ගෙ  ඇදුම් bag එහෙම...අනිත් අතින් මාළු පාන් එකක් කටේ ඔබාගෙන මූ මාව දැක්ක ගමන් මගේ ගාවට ආවා....

"අම්මෝ....මේ ජානු නේ.....කොහේද යන්නේ මේ පද්ද පද්ද...."??

මං  එළියට ආවේම මහාසෝනා වැහිලා වගෙ...දැන් මූ  මගේ යකා හීරි යකා කරනවා....

"පද්ද පද්ද යන්න තෝ හිතුවද  මං ටිකිරි ලියා කියල....අයින් වෙයන්  මට යන්න ඕනි..."...

මේකා මාළු පාන් කෑල්ලක් ආයේ කටේ පුරවගෙන...ඇයි හත්තිලව්වේ මමත් ඉන්නෙ උදේ ඉඳන් වතුර උගුරක් විතරක් බීලා....අර යකා නිසා මට කන mood එක සම්පූර්නයෙන්ම නැති වුණා....ඒ  අස්සේ  මූ මට පේන්න මාළු පාන් ගිලිනවා.....

"මොකද හදිසි....සිංදු කියල මහන්සි වගේ...හැබැයි මූණෙන් පේන්නේ නම්......කොල්ලට අසූ හාරදාහට තරහ ගිහින් වගෙ...."

"උඹට ඒවා වැඩක් නෑනෙ....පව් නොදී පලයන් ලක්කන...."

"මොකෝ මොකෝ මේ.....ආආආ....අපෙ ජානු නේ  මේ....මොකෝ බං මේ...."??

"මූ dynamite ගිලලා චන්දු....පේන්නේ නැද්ද..."??

මු දැන්ද  මේක අස්සෙන් එළියට එන්නේ...එක අතකින් guitar එක අරගෙන..උගේ සපත්තු bag එකකුත් එල්ලගෙන ...කිරි පැකට් එකකුත් බිබී  මුත්  ඇවිල්ලා එතන හිට ගත්තා....

_ආදර_සමීකරණ_Unde poveștirile trăiesc. Descoperă acum