14 වෙනි කොටස 🧪

838 134 71
                                    

අපිට දරාගන්න බැරි හැඟිමක් සතුටක් දැනෙන කොට ඒක අපෙ මූණේන් එළි බහිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපිට දරාගන්න බැරි හැඟිමක් සතුටක් දැනෙන කොට ඒක අපෙ මූණේන් එළි බහිනවා...හොරාටම...අපිට නොදැනීම...එතකොට අපි කියන්නේ මුගේ මූණ හෙන පෙම් පාට වෙලා...පැණි පාට වෙලා කියල...දැන් උඹල මගේ මූණ දැක්කා නම් බේරෙන මනමාල පැණි පාට ...වීදුරු ජෑම් බොතෙලකට එකතු කරගෙන යන්න පුළුවන්....

මට තියනවා බං පිස්සු පුරුද්දක්...මේක හැබැයි උඹලගෙන් සීයට 90 කට වගෙ තියෙන්න පුළුවන්...මොකද්ද දන්නවද...තනියම කියවන එක...

ඒක මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත එක්ක කෝණයකින් බලද්දි ලෙඩක්...හැබැයි ප්‍රායෝගික විඳියට හිතුවොත් ඒක ඔයාට ඔයා එක්ක කතා කරන්න ලැබෙන අවස්ථාවක්....

උඹල දන්නවනේ මේ කාර්යබහුල ලෝකෙ හැම වෙලේම අපි එක්ක ඉන්න, කතා කරන්න මිනිසුන්ට බෑ...මොකද මිනිස්සුන්ව වැඩ තියනවා, පෞද්ගලික ප්‍රශ්න තියනවා...හැමවෙලේම අපිට ඇහුන්කන් දෙන්න..අවධානෙ දෙන්න එයාලට බෑ...

ඉතිං සමහරු මේ වගෙ වෙලාවට සැහෙන්න මානසිකව වැටෙනවා...හිතලා හිතලා පිස්සෝ වෙනවා...නැත්නම් සිය දිවි නසා ගන්නවා...ඉතිං ඇයි අපිට බැරි අපි එක්ක කතා කරන්න...අපෙ හිත එක්ක කතා කරන්න...

අපේ හිතට ඇහුන්කන් දෙන්න.. ඔයාට පුළුවන්...ඔයා එක්ක කතා කරන්න...අදහස් බෙදාගන්න...ඒක පිස්සුවක් කියල කියයි...ඒත් උඹල දන්නවද එතකොට ඔයා ඔයාගෙ හොඳම යාලුවෙක් වෙනවා..ඔයාට ආදරේ කරන්න පටන් ගන්නවා...

ඔයා කවදාවත් සිය දිවි හානි කර ගන් නෑ.....ඒක වටින් නැද්ද....ම්ම්ම්?

මට ඕක තේරුනේ මම k pop අහන්න ගත්තට පස්සේ...ඉතිං මං කව්රුවත් නැති වෙලාවට හැමදේම මාත් එක්කම බෙදා ගත්තා...අනික ජානු කියන්නේ අමුතු දේවල් වලට ආස කොල්ලෙක්...උඹලා පිටින් දකින තක්කඩි, නසරානි කුණු හරුප කියන,bl drama බලන කොල්ලාගේ නොදැකපු පැත්තක් තියනවා ..ටික ටික කියන්නම්....

_ආදර_සමීකරණ_Where stories live. Discover now