42 වෙනි කොටස 🧪

856 133 128
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




සදුදා උදේ ස්කොලෙ ආපු ගමන් මගේ ඩියුටි හෝරාව  ඔන්න ඇරඹුනා.....අපිව කනිෂ්ඨ අංශේ Gate එක ගාවට දැම්මේ පොඩි එවුන්ගේ කොන්ඩ,රැවුල්, bag චෙක් කරන්න....මං තව ආර්ට් එකෙ prefect ලා දෙන්නෙක් එක්ක ඒකට ආවා...අද තමා බන් basketball මැච්....හම්මේ ඉතිං තේවි සෙල්ලම් කරන පළවෙනි මැච් එක...ඔක්කෝටම වඩා basketball team එකේ අපෙ එවුන් 3 දෙනෙක්ම ඉන්නවා...කාටද ආඩම්බර...huh...😇

මැච් පටන් ගද්දි  10 ,11 වෙයි.....පළවෙනි වාර විභාගේ ඉවර වුණ නිසා මේ දවස් වල ලොකුවට උගන්නන් නෑ..මොකද මේ  සතියේ ඉතිං teacher ලා papers බලන වැඩ, report හදන වැඩ එක්ක busy වෙනවනේ .ඊටත් වඩා අවුරුදු උත්සව පෝලිමක් එනවා එකදිගට...අද ප්‍රයිමෙරි එකෙ අවුරුදු උත්සවේ,  අනිද්දා කණිෂ්ඨ අංශේ... අපේ..එක බ්‍රහස්පතින්දා...සිකුරාදා අපිට ස්කොලෙ නිවාඩු දෙනවා....

පස්සේ ප්‍රයිමෙරි එක පැත්තට රවුමක් දාන්නත් යන්න ඕනි...ටයිෂු එදා film එක බලලා එයාව ගෙදර දාන්න යද්දි මග දිගට කියව කියව ගියේ අපිට අවුරුදු උත්සවේ බලන්න එන්න කියලා  ..එදා බන් film එක ඉවර වෙද්දී මාව අන්තෙටම දියවෙලා හිටියේ...තේවි මගේ කම්මුල කිස් කරාට පස්සේ මං හිටියේ අනන්තෙන් ආ තරු කුමරා වගෙ පාවී පාවී....මං කොච්චර වෙලා එයාගෙ අත බදාගෙන තුරුල් වෙලා හිටියද කියලා මට මතක නෑ...මොකද ඊට පස්සේ අපි කතා කරේ නෑ..

ඒ වගෙ ලස්සන හැඟිම් වළින් පස්සේ වචන හුවමාරුවක් කරනවට  වඩා අපි හැමෝම ආස ආයේ ආයේ ඇස් දෙක පියාගෙන ඒ මොහෝත විඳින්න...මටත් ඕන වුණේ එහෙම...එයාගෙ ගාව ඇලිලා ගැලිලා පොඩි වෙලාවක් හරි ඉඳන් ඒ හැගිම ආයේ ආයේ විඳින්න....

ඊයේ සිහියෙන් මම හිටියේ ...තනියම හිනාත් යනවා...කවුරු හරි මගේ දිහා උවමනාවෙන් බැලුවා නම් හිතන්නෙ මන්ද මානසික පිස්සෙක් කියලා...ඇයි යකූ ඉතිං සැරින් සැරේ හිකිස් හිකිස් ගාලා ගුලි කාලා වගෙ හිනා යනවනේ...මාර මගුලයි...මේ...ලව් මේනියාව නේද බං...bag චෙක් කර කර  හිටපු මම ගැස්සිලා ගියේ  ආර්ට් එකෙ අනිත් prefect දසුන් ගෙ සද්දේට....

_ආදර_සමීකරණ_Where stories live. Discover now