64 වෙනි කොටස 🧪

791 142 98
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දවස් එක දෙක නොදැනීම ගෙවිලා ගිහින් සතියක් වුණා....ඒත් මේ තමා මේ අවුරුද්දට ගෙවුන නරකම සතිය වුණේ..මොකද දන්නවද බං අපේ බාප්පට ඩෙංගු හැදුනා..ඒ නිසා hospital එකේ රෑ ඉන්න වුණේ සු ගාල පිරිමි පුළුටකට පවුලට හිටපු මට..සචින් අය්යා අපේ ගෙදර නිසා අයියට යන්න බෑනෙ..ඒ නිසා හිත හොඳ දෙයියා වගේ කට්ට කන්න වුණේ මට..

මොකද අපේ විසූටත් ඩෙංගූ හැදිලා..පොඩි එකීට නම් hospital admit කරන්න තරම් දරුණු නෑ..ඒත් ඇදෙන් නැගිටින්න බැරි තරම් අමාරුයි..ඒ නිසා පුංචිට හෙල්ලෙන්න නෑ..බාප්පට ගොඩක් අමාරු නිසා කෙනෙක් ළඟ ඉන්නම වුණා..අයියත් හිටියා ටික දවසක් උදේට..මං තමා රෑ හිටියේ..

ඇයි ඉතිං මුත්‍රා බට එහෙම දාල නැගිටින්න වත් බෑනෙ..පව් ඉතිං..අවුරුද්දට ඇවිදින්න ගිහින් තමා ඔක්කොම ඩෙංගු හදාගෙන ඇවිත් තියෙන්නෙ...ඒකෙන් මේකෙන් මට වුණේ පුංචිලා ගෙදර ටික දවසකට ඇවිත් බින්න බහින්න...අකමැත්තෙන් වුණත්...

මෙහෙමයි බන්..අවුලක් නෑ..ස්කොලෙටත් ළඟයි..class යන්නත් ළඟයි..ඒත් මට ගෙදර දාලා එන්න බැරි එක හේතුවයි තියෙන්නෙ කියල උඹලා දන්නවනේ...

මගෙ කොල්ලා...සිරාවට මම හිටියේ සාංකාව එක්ක පාන්ඩුව හැදුණු එකෙක් වගේ..මොකද බන් මේ ටිකේ ස්කොලෙ එකදිගට උගන්නනවා..හුස්ම ගන්න තියා හැරෙන්න වත් වෙලාවක් නෑ..ඊට පස්සේ class ගියාම ඊට හපන්..පළවෙනි වාරේ තිබුණු සැහැල්ලු වට පිටාව ටික ටික සංකීර්ණ වෙනවා..

පාඩම් වුණත් එන්න එන්නම ගැඹුරු වෙනවා...එදා එදා ඒවා එදාම ඔලුවට දා ගත්තෙ නැත්නම් Sorry. Com තමා කියල class වල sir ලා කට කැඩෙනකන් කියද්දී...ස්කොලෙ ඇරලා class ඇරලා ගෙදර ආවම කොච්චර මහන්සි වුණත් ආයේ අපිට පාඩම් කරන්න සිද්ධ වෙලා...මොකද ටිකක් හරි ට්‍රැක් පැන්නා කියන්නේ විනාසයි...

_ආදර_සමීකරණ_Where stories live. Discover now