62 වෙනි කොටස 🧪

896 145 170
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




"මේ හීනයක් නෙවෙයි චූටි මැණික....ඇත්තටම මම ආවා...".

"තේ....තේ....වි...... අ...නේ ...උඹ ඇවිත්...."

මම එයාගෙ නාපු නිසා හීතල වුණ කම්මුල් දෙක මගේ අත් දෙකට ගන්න ගද්දි.. ටිකක් ඉස්සුන එයා පස්සට වෙලා ඇද විට්ටමට බර වුණා...පස්සේ මාව එහෙම්මම ඇදලා එයාගෙ ඔඩොක්කුවේ කකුල් අතරට ගත්තෙ පොඩි එකෙක් වගෙ හරහට...එයා එහෙම ආසයි...මගේ එක අතක් තවමත් එයාගෙ කම්මුල උඩ තියෙද්දි මගේ මැණික් කටුව ගාවින් තදින් අල්ලන් එයා ඒ අත කම්මුලට තව තව තද කරේ මගේ අල්ලේ ගිනි රස්නෙ තව තව දැනෙන්න වගෙ...

"කොයි වෙලේද ඔයා ආවෙ. කිව්වෙත් නෑ...මං හිතුවෙ හෙට එයි කියලා..."?

එයා එක අතකින් මගේ නළල උඩ වැටිලා තියෙන කොන්ඩෙ උස්ස උස්ස පස්සට කරනවා...ඒ හීතල ඇඟිලි තුඩු වල පහස එක්ක ඉබේම මගේ ඇස් පියවිලා යනවා...

"හෙට තමා එන්න හිටියේ...පස්සේ හදිසියේ අක්කට මොකක්ද වැඩකට කොලඹ එන්න වුණා..පස්සේ මං ඉක්මණට ලෑස්ති වෙලා එයා එක්ක ආවා. හොඳ වෙලාවට කලින්ම ඇදුම් bag එක මං ලෑස්ති කරලා තිබුණේ..ජානු..."?

"ඉතින් කිව්වේ නැත්තෙ...කිව්වනම් සචින් අයියගෙ රස මැකරෝනි ටිකක් අරන් තියනවනේ...උබට "

"හි..හි...අද එයාද රෑ කෑම හැදුවේ...මං එද්දි දෙන්නා film එකක් බල බල හිටියේ...උඩ.."

"ඔව්නේ ඔයා කාලද ආවෙ බූටි..."?

"ම්ම්ම්...එද්දි තේ බීලා...දවල්ට නම් කෑවා...එද්දි ඉක්මණට ආවා අක්කට හදිසි නිසා.."

"එතකොට රෑට කෑවේ නෑ???"

එයා තොල් පෙරළන් හොරා වගෙ අහක බලාගෙන ඉන්නවා...හරිනේ හරිනේ උඩ දාගෙන ආවට කාලා නෑ...යසයි...

_ආදර_සමීකරණ_Where stories live. Discover now