2 වෙනි කොටස 🧪

1.3K 162 45
                                    

දින සති මාස ගෙවුනේ වේගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දින සති මාස ගෙවුනේ වේගෙන්...දැන් මේ පළවෙනි වාරේ මැද දවස්...හිතුවේ වත් නැති විඳියට තේවි අපි ඔක්කොම එක්ක fit වුණා..ඒ වගේම එයා පංතියේ කැපිලා පේන ශිෂ්‍යයෙක්...එයා මාරම ස්මාට් වගේම දක්ෂයි. තේවි ගෙ ගෙවල්  නුවර..ගොඩක් දුරයි..එයාගෙ මාමලා ගෙදර ඉඳන් එන එක එයාට කරදර නිසා අපේ ගෙදර එයාව නවත්ත ගන්න මම අපේ අම්මගෙන් අවසර ගත්තෙ පුදුම අමාරුවෙන්...මොකද අපේ අම්මා දන්නවා මගේ නසරානි යාළුවෝ ගැන...ඒත් තේවි දැක්ක මුල් දවසෙම එයා අපේ අම්මගෙ පුතා වෙලා මම පිට එකා වුණා....

අපේ අම්මා මටත් වඩා තේවිට ආදරෙයි... ඒකට ලොකුම හේතුව එයාගෙ අම්මා මැරිලා තියෙන්නේ එයා පොඩි කාලේමයි....ඒකට අපේ අම්මට මාර දුකයි...එයාගෙ වැඩ මාර පිළිවෙලයි..neat...පොඩි කාලේ ඉඳන් එයාගෙ වැඩ එයාම පුරුදු වෙලා...මගේ room එකට එහා පැත්තෙ තිබ්බ වෙනම room එකක් අම්මා තේවිට අස් කරලා දුන්නා...ඒක කලින් අපේ අයියා පාඩම් කරපු room එක...ඉතින් ඔහොම තමා මේ දවස් ගෙවුනේ ...ලොකු විශේෂයක් නෑ...ඒත් අපි ටික ටික අපිව අදුර ගත්තා...යාළුවෝ විඳියට. තේවිගේ ඉස්කෝලෙ වැඩ වලට වගේම class fees වලට සල්ලි එයාගෙ තාත්තා හැම මාසෙකම එයාගෙ පොතට එවනවා...

ඉතින් අද සෙනසුරාදා දවසක්...combined maths class දවස....class පටන් ගන්නේ 2 ට..2 ඉඳන් 8 වෙනකම්...මේ Al class කෙරුවාව නම් මට දැන් තිත්ත වෙලා...ඒත් එයා ළඟ ඉන්නවා නම් ඒ තිත්ත කසාය මී පැණි වෙනවා...ඒ නිසා මම සතුටින්....

"ජානුඌඌඌඌඌඌඌ.......පනේඒඒඒඒඒ...."

උදේම කුකුළා අතේ අරගෙන සෝසේ ඇවිල්ලා..මූට ගෙදර ඉන්න බෑ..උන්ගේ ගෙදර කහඹිලියා තියනවලු...🤧😅...උන්ගෙ අම්මා තමා කිව්වේ...මූ වැඩිපුරම ඉන්නේ අපේ ගෙදර..අපේ අම්මයි, සෝසේගේ අම්මයි දෙන්නම් nurse ලා..NTS යන කාලෙ ඉඳන් එයාලා එකට ඉදලා තියෙන්නෙ...ඉතින් හොඳම යාළුවෝ...එයාලා marry කරලා තියෙන්නෙත් එකම දවසෙ...ඒ මදිවට ළමයි හදල තියෙන්නෙත් එකම දවස් වල...Nurse ලා ඉතින් ඕවා දන්නවනේ....ඉතින් ඒකෙන් මේකෙන් මට අපේ අම්මගෙ හොඳම යාලුවා ගෙ පුතා මගේ besta විඳියට නොමිලේම ලැබුණා....ඒත් අපි දෙන්නම bio විරෝධි සංගමයේ....hospital වල විකාර ,බෙහෙත් ගද පොඩි කාලේ ඉඳන් එපා වෙලා...ඒ නිසා...අම්මලා මොනා කිව්වත් අපි bio කරේ නෑ....

_ආදර_සමීකරණ_Where stories live. Discover now