16 වෙනි කොටස 🧪

811 121 120
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මම හිටියේ chemistry lab එකේ practical කරන  ගමන්...වටේම පරික්ෂන නල පිරිලා...ඒව මටත් වඩා උසයි...පාට පාට chemical වලින් පිරිලා...දුම් දානවා...බුබුළු පිපෙනවා...මාව දැනුනේ ගොඩක් පොඩියට...ඒත් එක පාරම මම දැක්කේ  දම් පාට දිලිසෙන liquid එකක් තියෙන යෝධ පරීක්ෂණ නලයක් අස්සේ කවුරු හරි දගල දඟල උදව් ඉල්ලනවා....

මං මගේ සුදු කබා සාක්කුවේ තිබුණු ලොකු බෝතල් අඩි කන්නාඩි දෙක දාගෙන හොඳට ලං වෙලා බැලුවේ ඒ කවුද කියලා.....ඒත් පේන්නේ නෑ....

"උදව්........කරන්න.......please....."

දෙවියනේ තේවි නේද  ...ඒ...මූ මේක අස්සේ මොන නාඩගමක් නටනවද....

මම ලොකු උස ඉනි මග  ගෙනල්ලා පරීක්‍ෂණ නලේ ගාවට හේත්තු කරා...පස්සේ  වේගෙන් වේගෙන් උඩටම නැග්ගා...ඒත් එයා දම් පාට chemical වල ගිලිලා  ...

"බය වෙන්න එපා මම ඔයාව උඩට ගන්නවා....ඉන්න...."

මං එයාට අත දික් කරා...මගේ අත දිග මදි....එයාව ගිලෙනවා...එයාව ටික ටික දම් පාට වෙනවා.....තනිකර දම් පාට වෙලා....ඒත්...නො...නො... ඇග නෙවෙයි....ඇඟේ යට  කොටස මාලුවෙක් වෙලා...එයා වෙනස් වෙනවා...ලොකු..දම් පාට  දිය කිඳුරෙක්....ලස්සනයි...කොන්ඩෙ රිදී පාටයි.....

"එනවද මාත් එක්ක.....ජානු....."

"අනිවාර්යයෙන්ම...."

ඉතිං මං ඒ දම් පාට දියරය අස්සේ කිමිදුනා.....මාව ගිලෙනවා...හුස්ම ගන්න අමාරුයි....ඒත් එකපාර...මගේ මුළු ඇග වටේම ඒ ලොකු මාළු වරල එතුනා.....

දෙවියනේ මං ඉන්නෙ එයාගෙ තුරුලේ.....

"ජානු ලෑස්තිද....."?

එයා මාව ටික ටික එයාගෙ ළඟට ලං කර ගත්ත...අපි ඉන්නේ වතුර අස්සේ  ..ඒත් මට හුස්ම ගන්න පුළුවන්....

_ආදර_සමීකරණ_Where stories live. Discover now