23 වෙනි කොටස 🧪

818 134 83
                                    

පෝය නිවාඩුවෙන් දවසකට පස්සේ...ඔන්න ඒ දවස ඇවිල්ලා...ඔව් අද තමා මට heart attack හැදෙන දවස...ඊයේ බං දවසම වගෙ ස්කොලෙ උගන්නව්වේ period දෙක තුනක් විතරයි...දවසම ඕකේ වැඩ එක්ක ගුරුවරු, ළමයි busy වෙලා...මොකද බන් මේ පාර ඕක බලන්න 10,11 එවුන් ඉඳන් එනවා..Al section 5 ක‍ එවුන්...සෙල්ලමක් නෙවෙයි...

මට ඊයේ හවස class යන්න උනෙත් නෑ මේකට after school ඉන්න වුණ නිසා...ඒත් අපෙ එවුන් ඔක්කොම ගියානේ..ඒ නිසා උන් මගේ පොතෙත් note complete කරලා දුන්නා...

ඊයේ තේවි ස්කොලෙ ආවෙ නෑ..එයාට හොඳටම හෙම්බිරිස්සාව, කැස්ස වැඩි වෙලා..පස්සේ අපෙ අම්මා බලෙන්ම මූව එක්කගෙන ගිහින් ආයේ බෙහෙත් අරන් දීලා...දැන් නම් ලාවට හොඳයි...doctor කියල තියෙන්නෙ..දවස් දෙක තුනක් ගෙදර ඉඳලා rest කරන්න කියල..ඒත් මූ අද colour day එක නිසාම ආවා...අමාරුවෙන් හරි....මං නිසාම වෙන්නත් පුළුවන්...👉👈

දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසන...
කියල පටන් ගත්ත අපෙ උදේ රැස්වීමට අද Al section 5 ම ගෙන්නලා...අපි සාමාන්‍යයෙන් මෙහෙම ඔක්කොම එකට රැස්වීම් ගන්නේ අපෙ main ground එකේ...

උඹලට කියන්න හිමිදිරි උදෑසන වුණාට සහරා කාන්තාරේ වගෙ ගිනි ගහන අව්ව....පිච්චෙනවා...මගේ කිරි සුදු පාට skin එක dark වෙනවා...ඊව්....

අද ඉතිං colour day එක පටන් ගන්න කලින් අපෙ ප්‍රින්සිපල් සර් මේ අවවාද දෙන්නේ...පසු ප්‍රතික්‍රියා වළක්වා ගන්න...මොකද ඉතිං....මෙහෙම සාන්ත දාන්ත විඳියට සුදු පිරුවට ඇදගෙන උදේ රැස්වීමේ හිටගෙන හිටියට මොකද...වලි කාපර් ලා සීයට 80 ක් විතර ඉන්නෙ....

අපෙ පංතියේ පෝලිමේ හිටගෙන ඉන්න මං ඉන්නෙ අන්තිම හරියට වෙන්න.....මට ඉස්සරහ ඉන්නෙ ටිකක් මගේ උසට ඉන්න ටියාන් ...සෝසේ මට වඩා කොටයි...ඌ ඉන්නෙ පෝලිමේ ඉස්සරහම...හොද වැඩේ...ඕකට.....මට දෙතුන් දෙන්නෙක් ගෙ පිටිපස්සෙ ඉන්නෙ තේවි...එයා මහ උසක් නෑ ඉතිං මට වඩා...ඌ මට හෙම්බිරිස්සාව බෝ වෙයි කියල ඔය දුරින් ඉන්නෙ..මෝඩයා...

ජානුට අනුව අව්වෙන් බේරීමේ පළවෙනි නියමය.....

ඉස්සරහ ඉන්න තමාට වඩා ටිකක් උස කෙනෙකු තෝරා ගෙන උගේ සෙවනට මුවා වීම....🤏

_ආදර_සමීකරණ_Where stories live. Discover now