37 වෙනි කොටස 🧪

842 143 153
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අද ශිෂ්‍ය නායක මණ්ඩලය ගැන කතා කරන්න ගන්නවා කිව්වා දෙමාපිය රැස්වීම...අම්මට නිවාඩු ගන්න අමාරු වුණත් පොඩි වේලාවකට ඇවිල්ල යන්න එයා පොරොන්දු වුණා...උඹලට කියන්න අපේ අම්මා සෑහෙන්න පුදුම වුණා මාව prefect කෙනෙක්ට ස්කොලෙන් තෝරාගත්ත එකට...

මොකද පොඩි කාලෙ ඉඳන් හිටපු ගුරුවරු දන්නවා අපෙ තරම...ඒත් ඉතිං දැන් ඉස්සර තරම් ලොකුවට විසයක් නෑනෙ...දැන් ඉතිං අපි ලොකු ලමයිනේ හ්ම්....

අම්මා 9 ට meeting එකට එන්නම් කිව්ව නිසා මං තේවි එක්ක උදේම ස්කොලෙ ආවා...වෙනදා වගෙ පුරුදු විඳියට එක දිගට උගන්නන්න පටන් ගත්තෙ අද නම් free period නෑ කියලා දෑස මානෙ පෙනී පෙනී තියෙද්දි...

මං ඉතිං උදේම කලු ලෑල්ලේ කොනක කාලසටහන ලියනවා...දැක්ක විඳියට අද ඔක්කොම ගුරුවරු ආවා....ඒ....එපා වෙනවා....

"ඒ ජානු....අද ඔක්කොම ආවා යකූ...දවසම උගන්නන line එකක් තියෙන්නෙ..."

සෝසේ ඇවිල්ල මගේ එහා පැත්තෙ ඉඳන් දැන් මේ උදේ මම ගිහින් ගෙනාපු පාට පාට චෝක් වලින් දේදුන්නක් අඳිනවා....අම්මප මූ....දවසට අපිට දෙන්නෙ පාට චෝක් කුරු 3 යි සුදු ඒවා 3 යි...මොකද පංතියේ කලු ලෑල්ල වගේම white board එකකුත් තියන නිසා....

මේ පගයා රනිල් මහත්තයගේ ආණ්ඩුවෙන් දෙන පොදු දේපළ හානි කරනවා....කාබාසිනි සෝසේ...

"මෙහෙ දීපිය....නාස්ති කරන්නෙ....ආයේ ඕවා දෙන්නෙත් නෑ....ඊට පස්සේ physics sir එහෙම ඇවිල්ල අර පාට කෝ මේ පාට කෝ ඇහුවම තෝව තමා දෙන්න වෙන්නේ චෝක් කූරක් කරලා...."

"අපෝ....ලෝභයා....හහ්...පොඩි rain bow එකක් ඇන්දා කියලා තොගෙ මේ පඩ චෝක් කෑලි ගෙවෙන්නේ නෑ යකූ...මූ තව උප නායකයා විතරයි...අම්මප මේකා ශිෂ්‍ය නායකයෙක් උන දවසට ඇදගෙන එන boxer එකෙ පාටත් බලලා කියයිද දන්නෙ නෑ ඔය පාට ස්කොලෙට ගැළපෙන් නෑ කියලා...."

_ආදර_සමීකරණ_Where stories live. Discover now