4 වෙනි කොටස 🧪

1.1K 147 67
                                    

අද  double period Chemistry

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

අද  double period Chemistry... අපේ වසුන්දරා මැඩම් ට අද  meeting එකක් වැටිලා ඉතින් ඔන්න අපිට එක period එකක් free...හැමෝම එක එක වැඩ...තුවාල ටිකක් සනීප නිසා අපිට ස්කොලෙ එන්න පුළුවන් වුණා...ඒත් තේවි ට තාම හොඳටම හොඳක් නෑ..මැහුම් කපලත් නෑනෙ...එයා ඔලුවේ සුදු පාට බැන්ඩේජ් ඔතලා හිටියත් ලස්සනයි...තුවාලේ පෑරෙන නිසා එයා ඉන්නේ බිත්තිය අයිනෙ...

අපිට ඉස්කොලේ එන්න බැරි වුණ ටිකේ notes එයා ටෝටො එක්ක එකතු වෙලා complete කර ගන්නවා...මං නම්  ඕවා ආයේ ලිය ලිය ඉන්නේ නෑ..4to copy එකක් ගහන් අලවගන්නවා  මිසක්....

Free period කියන්නේ...සින්දු තමා...අපේ පංතියේ කැපිලා පේන සින්දු කියන,නටන, දගලන team එකේ උඩින්ම ඉන්නේ මේ ජානු....යැගියට හොඳට drum ගහන්න පුළුවන්..ඌ තමා පෑන් දෙකක්, අඩි රූලක් අරන් මූලිකත්වය ගන්නේ...අපි පාඩුවේ සින්දුවක් කියනවා...වැඩ කරන එවුන් පාඩුවේ ඒවා අහන් වැඩ කරනවා...

නිදහසේ පාඩම් කරන එවුන් හිස් period ආවම library යනවා...එකා දෙකා ඉන්න තැන ඉඳන්ම සින්දු වලට තාල අල්ලනවා...


ජානු |

මතක මන්දිර තනා.....
කීව ඒ රස කතා.....
පංතියේ පෙම නිසා....
තාම මං තනි වෙලා.....

දෙතොල් සිප කිව් කතා....
ආදරෙන් මා බඳා.....
වෙනස් වී නෑ ඔයා....
මමයි ඔබේ චංචලා.......

මම තමා lead singer...පොඩි කාලේ ඉඳන් මට මොනා නැතත් සිංදු කියන්න පුළුවන් ලස්සනට...ඒත් මම මෙහෙම පංතියේ කියන්නේ මූන්ගේ වදේ  නිසා....මේ සින්දුව කියද්දී මගේ ඇස් තිබුනෙ එයා ගාව...මොකද මං සින්දුව පටන් ගත්තම තේවි  පිටිපස්සට හැරිලා බිත්තියට  හේත්තු වෙලා මගේ දිහා බලාගෙනම හිටියා...

_ආදර_සමීකරණ_Место, где живут истории. Откройте их для себя