1 වෙනි කොටස 🧪

3.1K 238 77
                                    


ජානු /ජානුක්‍ය= Jungkook
තේවි=taehyung
සෝසේ /සස්මිත = jimin
යැගී/යුවාන්=yoongi
ටෝටො/ ටියාන් =hope



"නින්ද නොයන හැන්දෑවේ සොදුරුයි ද මොන තරම්ම්ම්ම්ම්....
දුක නොමැති වත් නොවේ...ඔබ යන්න යනවනම්....
සිප ගන්නට පමනක් නම් ඔය දෙතොල් ලං කරේඒඒඒඒඒ...
විඳගන්නට මම එන්නම්...."

"ජානූඌඌඌඌඌ......."

"Sak ...වස්සා මගේ සින්දුව කෑවා...මොකද බේසිකයා බෙරිහන් දෙන්නේ...."

"බල්ලෝ අන්න අලුත් ළමයි ඇවිල්ලා..අපේ පංතියටත් ගොඩක් ඉන්නවා අලුත් එවුන්..."

"Ahh..ඇවිල්ලද...එහෙනම් හොඳ රැග් එකක් දෙමු මේ පාර අලුත් එවුන්ට..නැත්නම් ඕකුන් පස්සට හදා ගන්න බෑ..."

"වරෙන්කෝ යන්න බලන්න....හෙන සෙට් එකක් ඉන්නවා...."

අපි ඉතින් උඩ දාගෙන ගියා කියල වැඩක් නෑ මේක boys school එකක්..එතකොට මේ අපේ හා හා පුරා කියලා අලුත් Al පන්තිය... 12 E ... මැත්ස් .අපි ඉතින් පොඩි කාලෙ ඉඳන් මේ ස්කොලෙ නිසා අපිට මේක අරුමයක් නෙවෙයි..අද Al වලට අලුත් ළමයි අපේ ස්කොලෙට එන දවස ..මගේ මෝඩ යාලුවා මේ සෝසේ...ඒ කිවුවට උගේ ඇත්ත නම සස්මිත...උදේ ඉඳන් එතන ඕප දූප සංගම්වල ඉඳලා මේ ආවෙ....ඒත් ඉතින් අපි දෙන්නට කලින් අපේ class teacher වේගවත්...

"ළමයි වාඩි වෙනවා....දෙය්යනේ මුන්ට තියන කඩි කුලප්පුව..තමුසෙලා හිතන්න එපා කණිෂ්ඨ ද්විතීක අංශේ වගේ මේකේ ඩෙගා නටන්න..."

ඒ අපේ පන්තිබාර teacher Mrs වසුන්දරා...උගන්නන්නේ chemistry...පුදුම යස්සනියෙක්...eww..මට පේන්න බෑ...දෙය්යනේ කියල Ol වලට A pass එකක් ගත්ත නිසා maths කරන්න ආවට මට අපේ ස්කොලෙ ගුරුවරු එකෙක් වත් දිරවන් නෑ...අපේ ගොන් අයියා නිසානේ මේ සේරම..ඌ engineering ගියා කියල අපේ අම්මට ඕනි වූණේ මමත් මේ රෙද්දක් කරන්න...

"ජානූඌඌඌඌඌඌ ..."

"Teacher..."

"තමුසෙ මොන සිහියෙද ඉන්නෙ...මම දැන් කී පාරක් කතා කරාද..කෝ මෙහේ ඇවිල්ලා මේ අලුත් ළමයි ටිකගේ නම් ලියා ගන්නවා..අද monitor නෑනෙ...උප නායකයා නේද තමුන්..."

මම වසුන්දරා මැඩම් ට ඔරව ඔරව ගිහින් කොලයක් ගත්තෙ අලුතින් ආපු අයගේ නම් ලියන්න..මේ පාර අපේ පන්තියට අලුත් ළමයි 15k විතර ඉන්නවා..ඔක්කොම අපේ සහෝදර ඉස්කොල වල වගේම දුරින් ආපු අයත් ඉන්නවද මන්දා...

_ආදර_සමීකරණ_Where stories live. Discover now