22 years ago....
A/N POV
අද දෙසැම්බර් මාසේ එක හීතල වැහි පිරුණු අදුරු දවසක්... ජනාකීර්ණ කොලඹ නගරය දෙදරවන වැස්සක් හවස වරුවේ ඉඳන් කඩාගෙන වැටෙන්නේ... තමන්ගේ සීමාවාසික වෛද්‍ය පුහුණු කාලේ අතරතුර නිවාඩුවක් නිසා හදිසියේ ආයේ කොලඹ ආව තරුණ දමන්වර නම් වැස්ස ගැන ලොකු මනාපයක් නෑ වගේ...උදේ ඉඳන් ගෙදරට වෙලා ඉඳල කම්මැලි වුණත් මේ වැස්සෙ එළියට බහින්න හිතකුත් ඔහුට තිබුණේ නෑ..දන්නෙම නැතුව රාත්‍රිය උදා වුණත් කියවන්න ගත්ත නව කතා පොත බිම තියන්න කම්මැලි ඔහු අම්මා, තාත්තා තමන් එන බව දැන දැනත් හදිසියේ ගියපු විනෝද ගමනට දෙහි කප කප හිටියේ මූණ දෙහි ලෙල්ලක් කරගෙන..
කවුච් එකෙ හොඳට කකුල් දිග ඇරගෙන හේත්තු වෙලා හිටපු ඔහු විශාල බට්ටා ඔරලෝසුවේ වෙලාව බලද්දි රාත්‍රී 7 ලෙස සටහන් වෙලා තිබුණා...ඒත් පරිසරයේ අදුර රෑ 10,11 වගේ .
රාත්‍රී ආහාරය ගැනීමට පෙර තව පිටු දෙක තුනක් කියවන්න අවධානය ඔහු යොමු කරත් ඉස්සරහට ගේට්ටුවට කවුරු හරි තදින් තඩි බාන සද්දේ එක්ක තිගැස්සිලා ගියේ මේ වෙලාවේ එන කෙනෙක් ඔහුට හිතාගන්න බැරි වෙද්දී...
ටිකකින් ගේට්ටුව ඇරෙන හඩත් ටික වෙලාවක නිහඩ තප්පර දෙක තුනකට පස්සේ වේගෙන් දුවගෙන එන අඩි සද්දේ නම් දමන්වර හොදාකාරවම දන්නවා...
"දාස....මොකද මේ භය වෙලා..හොල්මනක් වත් දැක්කද..."?
හොල්මනක් දැක්ක වගෙ බයවෙලා ඉන්න තමන්ට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ගෙදර වැඩට අත් උදව්වට ඉන්න කොලුවා දැක්කම දමන්වර ඇහුවේ පොත පැත්තක තියලා වේගෙන් කවුච් එකෙන් නැගිටින ගමන්...