52 වෙනි කොටස 🧪

852 157 113
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සෙනසුරාදා, ඉරිදා දවස් දෙක ගෙවිලා ගියේ ඇහි පිල්ලම් ගහන වේගෙන්..මං පංතියේ 4 වෙනියා වුණා කිවුවම අපෙ අම්මා මගේ රිපෝර්ට් එක අරගෙන අන්වීක්ෂයකින් බැලුවේ නැති ටික විතරයි යකූ...

ඇයි දන්නවද එක පාරක් මම  8 වසරේ වගෙ ඉද්දි ඔහොම ලකුණු වෙනස් කරලා වෙනියා වෙනස් කරලා හදල අම්මට මාට්ටු වුනා...මොකද මං ඒ වාරේ පංතියේ 30 වෙනියා...

බුදාම්මේ එදා තමා මං හැඳි මිටක් කැඩෙන්න ගුටි කාපු පළවෙනි දවස.....නො...බන්..ඒක තවත් එක දවසක් ඉතිං.. ඒ කියන්නේ...මං සෑහෙන්න ගුටි කාපු අසරණ ජීවියෙක්...ඉස්සර මම මහා කාඩ නසරානි තක්කඩියෙක් ඉතිං...

ඒ අතින් දැන්  කොච්චර හොඳද.. නේද.......දැන් මම මලක් වගෙ හොඳ කොල්ලෙක්..

ඉතින් ඒ තරම් අපෙ අම්මට මාව sure නැතිඑක අහන්නත් දෙයක් ඇයි....ඒත් තේවි කිව්ව නිසා  එයා විශ්වාස කරා...huh ...අපෙ අම්මගෙ පුතානේ  ඉතිං...ඌ  දෙවැනියා කිව්ව ගමන් බදාගෙන උම්මා එකකුත් දුන්නා...ඇයි යකූ මාව හදා ගන්න ලයිමකින් අරන්ද මට හුලං ඉස්කොතුවක් වත් නෑ...මම්ගුල...

ඕකට මං මූණ එල්ලගෙන හිටියා කියලා අපෙ අම්මයි වෙන්ඩ බෑනා පොඩ්ඩයි මාව ෂේප් කරගන්න එදා ඉරිදා පීට්සා ගෙනල්ලා..ඔය පීට්සා කෑලි වලට බෑ මේ ජානුක්‍ය දේවනාරායනව නම්ම ගන්න..සිරාවට පෙනී පෙනී සුවඳට තියෙන පීට්සා එක මම කෑවේ නෑ මගේ ඇට්ටර කමට...එදා හවස සෝසේ ආවා අපෙ ගෙදර ...මූ කෑවා නේද මගේ පීට්සා කෑල්ලත් එහෙනම්...

ඒත් මම කෑවේ නෑ...පස්සේ තමා තව මට මල පනින දෙයක් වුණේ..අපේ අම්මා එක්ක එකතු වෙලා මුන් දෙන්නා මගේ අර අවුරුදු කුමරිය එකේ photo, video බල බල පැය ගානක් මාව නෝන්ඩි කරා.... ඔක්කෝටම හපන් අර චන්දුල එක්ක නටපු නැටුම...

_ආදර_සමීකරණ_Where stories live. Discover now