83 වෙනි කොටස 🧪

764 132 57
                                    

ඊයේ අපේ වට මේස සාකච්ජා වලින් පස්සේ ඉස්සෙල්ලම තේවි, චන්දුයි එයාලා ගෙදර ගිහින් ඇදුම් bag එව්වා මෙව්වා ඔක්කොම අරගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊයේ අපේ වට මේස සාකච්ජා වලින් පස්සේ ඉස්සෙල්ලම තේවි, චන්දුයි එයාලා ගෙදර ගිහින් ඇදුම් bag එව්වා මෙව්වා ඔක්කොම අරගෙන ආවා..සෝසේ එක්ක මං උන්ගේ ගෙදර වීල් එකක ගිහින් උගේ ලට්ට ලොට්ට ටික අරගෙන ආවා..

ඒ අතරේ යැගියයි, ටෝටොයි අපෙන් එකතු කරපු සල්ලි අරගෙන ගිහින් සුපර් මාර්කට් එකෙන් ගෙනියන්න ඕනි කෑම බීම එව්වා මෙව්වා අරගෙන ආවා..මොකද ඔක්කොම හෙටම කරන්න බෑනෙ..

මොකද උදේට කලබලයි...car එකට කොහොමත් full tank තෙල් ගහල තිබුණේ..චන්දුලා ආවට පස්සේ ආයේ උගේ car එකේම අපෙ ගෙදර ගිහින් මගේ ඇදුම්, bag අරගෙන ආවා..තේවි යන්න ආවේ නෑ..මොකද ඒක කෝකටත් හොඳයි...

අපෙ වෙලාවට මේ දවස්වල ආදිත්‍ය නෑ...ඌට උගේ අම්මා එක්ක මාතර යන්න වෙලා...අම්මෝ ඒක නම් දෙවියෝ බැලුවා වගේ නේද බන්...

නැත්නම් ඔය බේසිකයා කේලම් ටික වමාරයි..අශ්වින් Uncle ට..එයා වුණත් තේවි ,චන්දුල එක්ක ඉන්න එකට ,එහෙ මෙහෙ යන එකට ප්‍රශ්නයක් වුණේ නෑ.මොකද චන්දු අපි එක්ක සෙට් කියන එක තවමත් රහසක්..ඒ නිසා අපිට සෑහෙන්න පරිස්සං වෙන්න වෙනවා...

ඔය ඔක්කොම වැඩ කරගෙන ඉවර වෙද්දි දන්නෙම නැතුව හවස් වෙලා..යැගියලා අම්මා අපිට උදේට පාන් ටෝස්ට් හදල දෙනව කිව්වා. ඒ නිසා අපි ඒකට කරදර වෙන්න ඕනේ නෑ...

ට්‍රිප් එකක් යනවා කියන්නේ ඉතිං මට විතරක් නෙවෙයි අපේ එවුන් එකෙක්ටවත් නින්දක් නම් නෑ...අනික කාලෙකින් මෙහෙම ඔක්කොම සෙට් වුණාම කවුද සාන්ත කාමර අස්සේ වැදිලා නිදා ගන්නේ...

අපි ඔක්කොම රෑට කෑවට පස්සේ යුවාන් ලා අම්මා අපි ඔක්කෝටම හරි යන්න කොට්ට සීට් ගෙනල්ලා දුන්නා..මොකද අද අපි රෑ ඉන්නෙ යුවාන්ලා උඩ තට්ටුවේ කෙලවර තිබ්බ Tv එහෙම බලන living room එකෙ මෙට්ට දාගෙන..

_ආදර_සමීකරණ_Where stories live. Discover now