53 වෙනි කොටස 🧪

855 158 96
                                    

තේවි ඊයේ ගියාට පස්සේ ඉඳල මං උදේ ඉඳන් හිටියේ කාමරේ අස්සේමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තේවි ඊයේ ගියාට පස්සේ ඉඳල මං උදේ ඉඳන් හිටියේ කාමරේ අස්සේමයි.සෝසේ ගත්ත එක call එකකවත් මං තරහ නිසා answer කරේ නෑ..මූ ඊයේ මගේ call answer කරෙත් නෑනෙ එහෙනම්.තේවිගෙන් message එකක් එනකම් මම බහිරවයා නිධානය රකිනවා වගේ phone එක ළඟ රැකගෙන හිටියා..

ඒත් ඉතිං ඉඳලා ඉඳලා කාලෙකින් ගමේ ගිහින් phone ඔබ ඔබ ඉන්න පුළුවන් ඇයි බන්..අනික මට නිකමට හිතුනා තේවිගේ අප්පච්චි හෙන සැර ඇති කියලා..මූ හෙන භයයි..අප්පච්චිට...ඒ නිසා ඉතිං කොච්චර රැක ගෙන හිටියත් එයාගෙන් message එකක් නැති නිසා මම මගේ අන්ධකාර රාජධානියෙන් එළියට එළි බැස්සා..මොකද බන් අද හවස අයියා ආවොත් අම්මා කිව්වේ අපිට හෙට උදේ යන්න පුළුවන් වෙයි කියලා...

ඒ නිසා උදේ ඉඳන් අම්මා මට කියන්නේ ඇදුම් bag ලෑස්ති කර ගන්න කියලා. නැත්නම් යන්න ඔන්න මෙන්න මම පිස්සු හැදුන මී හරකා වගෙ අරවා මේවා හොයන්නේ...

මට හෙන බඩගිනි...මම උදේටත් හරියට කාල නෑ...ඊයේ රෑත් හරියට කෑවේ නෑ...දැන් ඉතිං බඩේ පනුවො බොක්සිං සංගමයක් පටන් අරන් වැඩේ දෙනවා දොග් දොග් ගාලා...

කෑම මේසෙ උඩ උණු උණුවට හදල තියෙන කිරි අළුවා පිගාන දැක්කම මට ඉබේම කෙල ගිලුනා...මොකද ඉතිං ඊයේ මට අම්මා සල්ලි දුන්නනේ බන් milk made ටින් දෙකක් ගෙන්න...ඒත් ඉතිං ඕවා ගේන සිහියක ඇයි මම හිටියේ..ඒ නිසා අම්මම උදේ ගිහින් අරගෙන ඇවිල්ලා..

මං කිරි අළුවා කෑල්ලක් අරගෙන කටේ ඔබාගෙන ගිහින් sofa එකේ පත බෑවුනා..

"ආආආ. .මේ ඉන්නෙ ගුහාවෙන් එළි බැහැලා..මොකක්ද චුටි මේ...වෙලා තියෙන්නේ..කන්නෙ නෑ බොන්නේ නෑ හරියට...කාමරේ අස්සෙමයි...කෝ දැන් ඇදුම් bag ලෑස්ති කරලා ඉවරද...අයියා හවස ආවොත් අපි උදේම යනවා හොදේ..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now