81 වෙනි කොටස 🧪

803 147 84
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දෙවැනි වාර විභාගෙ කට ළඟ..පොත් මේසෙ පිරෙන්න හන්තානටත් වඩා උසට පොත් කදු ගොඩ ගැහිලා..දැන් ඉතිං සිලබස් එකෙන් තුන් කාලට ටිකක් අඩුවෙන් වගේ උගන්නලා ඉවරයි..ඒ වගේම මොලේ අස්සේ ඒවා ඔබලා ඔබලා මොලේට වුණත් යකා වැහිලා ඉන්නෙ...

මොකද ඉතිං මේ බර විෂයන්නේ... අනිත් ඒවා වගෙ නෙවෙයි විද්‍යාව...stress සැරටම...ඒත් ඉතිං ආයේ හැරීමක් නෑ..පාඩම් කරන්න වෙනවා..එදිනෙදා ටික එදිනෙදා ඔලුවට දා ගත්තම ටිකක් ඒක ලේසි..try කරන්න ඒකට...අමාරුයි තමා..හැබැයි ඒක තමා ට්‍රික් එක...ම්ම්ම් තව දෙයක්...ඉගෙන ගන්න වෙලාවට විකාර බහුබූත හිතන්න එපා...වට වන්දනාවේ යන හිත මෙල්ල කරන්න ඉතිං අමාරුයි තමා...

ඒත්.. හීන ගැන හිතන්න... life ගෝල්ස් ගැන හිතන්න...ඔයා යන්න ආස තැන් ගැන හිතන්න,කන්න ආස දේවල් ගැන හිතන්න....මොකද හැමදේටම සල්ලි ඕනි..ඉතිං ඔයාට අද කට්ට කාගෙන ඉගෙන ගන්නම වෙනවා....

ප්‍රශ්න....ම්ම්ම්...මෙහෙමයි ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ...ඇමරිකාවේ ජනාධිපති තුමාට තියෙන ප්‍රශ්න, රට හදාගන්න බැරුව පිස්සුවක් නටන අපෙ රටේ මෝඩ රජයට තියෙන ප්‍රශ්න, අර බෝම්බ ගහන ඊශ්‍රායලයට, පලස්තීනෙ දවස ගානේ ජීවත් වෙන්න හුස්මක් හොයන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ,අපෙ cricket board එකට තියෙන ප්‍රශ්න ඔයාට තියනවද...නෑනෙ..??හැබැයි ඔයා ඒවා ඔලුවට දාගන්නත් එපා...

ආර්ථික ප්‍රශ්න හරි...හැමෝටම ඒවා තියනවා..ඒත් ඔයාට ඉන්න වහලක් තියනවා නම් අම්මා තාත්ත මහන්සි වෙලා කන්න බොන්න දෙනව නම් ,නිදහසේ හුස්ම ගන්න වටපිටාවක් තියනවා නම් ඔයාට පුළුවන් ඉතුරු ටික කොහොම හරි අල්ලන් යන්න...

දෙයක් කියන්නද...ඉගෙන ගන්න කාලේ මොන දේ කරත් ඉගෙන ගන්න එක first කර ගන්න....ඔයාට දෙක තුනක් balance කර ගන්න බැරි නම් දැන දැන අමාරුවේ වැටෙන්න එපා...

_ආදර_සමීකරණ_Where stories live. Discover now