20 වෙනි කොටස 🧪

842 126 51
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



Interval එක ඉවර වෙනකොට මිස් ආවා...අරුන් දෙන්නත් මොන මගුලක ගිහින්ද මන්දා බෙල් කරද්දිම ආවා...මං ඉතිං උන් ඔක්කොම එනකන් බිම පත බෑවිලා වතුර බෝතලේ බදාගෙන හිටියේ සිහින ලෝකෙ....තේවිට තිබුනෙ බන් නොකියා කියන හැඟීම්....තේරෙන්නෙ නෑ...ඒක යාළුකම නිසාද, සහෝදර බැදීමක් නිසාද ඌ කරන්නේ කියලා...

ඒකයි බන් මං කලින්ම කිව්වේ එයා හරි සංකිර්ණ කෙනෙක් කියල...ඒත් චුටි චුටි දේවල් වලින් එයා මාව ටික ටික උමතු රෝගියෙක් කරනවා...මේ බල්ලා දන්නේ නෑ මේ චුටි දෙයක් නිසා මගේ ගැලවෙන්න ගැහෙන පපුව ගැන...

දහ අතේ හිතල අපි කියන්න mash up එකක් තෝර ගත්තා

"ලමයි ඔයාල කෑවද...interval එකත් පහු වුණානේ...call එක අරන් එන්න ගියේ මං ඉක්මණට ආයේ යන්න වුණා අර bio එකේ ළමයි ගෙ item එකකට ඇදුම් වගයක් design කරපු එක බලන්න..."?

"අපි කෑවා මිස්...uniform නෙවෙයිද මිස් අපි perform කරන්න ඕනි...??"

"නෑ ජානු...කලින් නම් එහෙම තමා කිව්වේ..ඒත් ඔයාලා romantic song කියද්දී....ඒවා uniform එක එක්ක මැච් වෙන්නේ නෑනෙ...ඒ නිසා වෙන costume එකක් use කරන්න වෙයි...."

"එතකොට colourfull නේ...මොකද මේක ඔයාලගෙ colours පෙන්නන්න තැන...ඒක හරියට පොඩි concert එකක් වගෙ...වෙයි.."

"හරි කෝ...ඩුවට් එකට තෝර ගත්ත සිංදුව බලන්න..."??

අපි තෝර ගත්තෙ පහු ගිය කාලේ ගොඩක් famus වුණ mash up song එකක්...අපි කිවුවට මමයි, රූමලුයි...සුදු හූනා චන්දුලයා..නෙවෙයි...ඒකා මොන මගුලක ගිහිල්ලද මන්දා ආවෙ හති දාගෙන...සමහර විට basketball practice පටන් අරන් කිව්ව නිසා ඒ පැත්තේ යන්න ඇති...මූ ඉතිං මෙතන නිසා හොඳ වැඩේ ඕක මිස් වෙනවනේ....

_ආදර_සමීකරණ_Where stories live. Discover now