85 වෙනි කොටස 🧪

927 129 95
                                    

හපුතලේ කියන සීතල නගරේ අයිති වෙන්නේ ඌව පළාතට

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

හපුතලේ කියන සීතල නගරේ අයිති වෙන්නේ ඌව පළාතට ..කෝච්චියේ යද්දී  නම් හැටන් ස්ටේශන් එක පහු වෙද්දිම සීත බෝඩරේ ටික ටික පටන් ගන්නවා...කොටගල, තලවකැලේ, වටගොඩ, grate Western, නානු ඔය, පැරකුම් පොළ පහු වෙද්දි ඊලගට අඹේවෙල කියන්නේ සීත බෝඩරේ මධ්‍යම හරිය...

ලාවට ටික ටික මීදුම දාගෙන එද්දි  හරි ලස්සනට වට පිටාව වෙනස් වෙන්න ගන්නවා...හරියට ටික ටික rain forest green look එකක් එක්ක mix වෙච්ච sea green look එකකින් වටේම කොළ පාට වෙද්දි...

කෝච්චියේ යද්දී විතරක් නෙවෙයි බං වෙන වාහනේක යද්දීත් අපිට මේ එකම රටේ  නගරෙන් නගරෙට climate වෙනස් වෙන හැටි බලාගෙන යන්න පුළුවන්...ඒක මාරයි බං..ඇයි දන්නවද ..

පිට රටවල් වල සුද්දො මෙච්චර අපෙ රටේ ස්වාභාධර්ම රටා වලට ආස..ඒ රටවල් වල බන් ඍතු අනුව දේශගුනේ කාළගුණේ වර්ග කරනවනේ..එතකොට ඉතිං වසන්ත කාලෙ හිම වැටෙන්නේ නෑනෙ..ඒකට හිම බලන්න සිසිර ඍතුව එනකම් ඉන්න වෙනවා...

ඒත් අපේ එහෙම නෑ බං...දැන් උඹ galleface එකෙ ගිනි අව්වේ කර වෙද්දි මෙහේ උඩරට කදු අස්සේ හීතලට මීදුම් ගලනවා ...සිරාවට බන්..මොනා වුණත් අපෙ රටේ මේ කොළ පාට vibe එක විහිලුවක් නෙවෙයි...expensive...

මම කියනවට  එක පාරක් උඹලා කොලඹ කොටුවෙන් උඩරට මැණිකේ කෝච්චියේ නැගලා බදුල්ලේ ඇවිල්ල බලපන්...ඒ  දේශගුණික තත්ත්වයන්  ටික ටික  වෙනස් වෙන හැටි හොඳට  උඹලට තේරෙයි...මොකද ලංකාවේ ලස්සනම රේල් way එක තමා මේ...

පට්ටිපොල,ඔහිය, ඉඳල්ගස්හින්න, හපුතලේ කියන්නේ සීත බෝඩරේ උච්චතම කොටස...අර අපි කියන්නේ ආක්ටික් සීතලයි..කියල...ඒ කියන්නේ බන් දැනෙන්න සීතල දැනෙනවා මේ හරියෙදි...

ආයේ ඉතිං උඹලා Jersey එකක් වත් ගෙනල්ලා නැත්නම් ගල් වෙයල්ලා හරි...ඔතනින් ඔහිය Station එකෙන් බැහැල කෙලින්ම හෝර්ටන් තැන්න බලන්න යන්න පුළුවන්...

_ආදර_සමීකරණ_Место, где живут истории. Откройте их для себя