98 වෙනි කොටස 🧪

442 97 102
                                    

A/N pov

A/N pov

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।


පහු වුණ රාත්‍රියේ තේවි දිවාකරට නම් නින්දක් අහලකටවත් ඇවිත් තිබුණේ නෑ..ඔහු තවමත් අවදියෙන්...දැන් පාන්දර 4 කිට්ටු වෙලා ..කලින් දවසෙ දවල් කෑමට පස්සේ අප්පච්චිගේ පැය ගාණක chemistry ,physics පාඩම් අතර තුරම ඔහුට basement එකටම රෑ කෑම ලැබුණේ ජෙනායාගෙන්..

ඒත් අප්පච්චි හෙළවුනේවත් නැති නිසා තේවිට අක්කගෙන් එළියේ විස්තර අහගන්න වුණේ නෑ..clz වල නතර කරපු තැන් වලින් පටන් ගත්ත පාඩම් වැඩ වලින් හවස් වරුව වගේම රෑ වේලාවෙන් පැය දෙක තුනක්ම පිරිලා තිබුණා...

chemistry ,physics subject වල practical කරන්න lab එක පාවිච්චි කරන්න පළවෙනි පාරට අද තේවිට හරි විදියට අප්පච්චි ගෙන් අවසර ලැබුණා..රෑ කෑම අප්පච්චි library එකෙ පොතක් කියවන අතරේ ඉවර කරපු තේවි එයාගෙ පොත් තිබුණු රවුම් මේසෙ කෙලවර තිබුණු ඔරලෝසුව දිහා බැලුවේ අද දවසට 124677 වතාවට වෙන්න පුළුවන්...

මොකද අප්පච්චි එන්න කලින් දවල් කෑම කාලා ඇවිත් පොඩ්ඩක් හාන්සි වෙලා ඉඳලා පොත් අඳින කොට හම්බ වුණු චන්දුලගේ රහස් පණිවිඩය එක්ක ඔහුගෙ හිත තරමක් නොසන්සුන් වෙලා තිබුණා..මොකද තේවි දිවාකර දන්නවා ඒ වැඩේ අවදානම...

අප්පච්චි පාඩම් වැඩ කියලා දීලා basement එකෙන් යද්දී රෑ 9 ට කිට්ටු වුණත් තේවිට නම් නින්දක් අහලකටවත් ආවෙ නෑ...ඔහු තවමත් ඉන්නේ lab එකෙ උස ලී පුටුවක වාඩි වෙලා ..තවමත් මේසෙ උඩ ඔහු අන්තිමට කරන්න ගත්ත පරිමා පිළියෙල කර ගන්න chemistry practical එකෙ දේවල් විසිරිලා තිබුණා...

ඔරලෝසු තැටියක තිබ්බ cuso4,පුනීල,පරිමාමිතික ප්ලාස්කු,දෙවුම් බෝතල්, තිබුණු කළබල ලී මේසෙ උඩ ඔහුගෙ දිග ඇඟිලි තුඩු වල රැඳවනු දිග ඇරපු චිට් එකට මේ වෙලාවේ ඔහුගෙ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තිබුණා..

_ආදර_සමීකරණ_जहाँ कहानियाँ रहती हैं। अभी खोजें