44 වෙනි කොටස 🧪

826 144 68
                                    

මරදාන වටේම ඇවිදලා මට තිත්ත වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මරදාන වටේම ඇවිදලා මට තිත්ත වුණා...බන්...අවුලක් නෑ...අද basketball මැච් එක තිබුනෙ නැත්නම් මං ආසාවෙන් යනවා...ඒත් මැච් එක බලන්න නෑ මේ රෙද්දෙ බඩු ගන්න ඇවිල්ලා...මං අතින් කටින් බඩු මලු උස්සගෙන තව prefect ලා හතර පස් දෙනෙක් එක්ක ඇවිල්ලා...භානු sir ගෙ car එකට නැග්ගේ ගිනි අව්ව නිසා හොඳටම හෙම්බත් වෙලා ඉද්දි...

"තව මොනාද අද ගන්න තියෙන්නෙ නිසල්...."?

"Sir මේ ලිස්ට් එකේ ඔක්කොම අපි ගත්තා...ඉතුරු ඒවා හවස ගිහින් ගමු...සුලා ඒ ටික බලලා කරයි...අපි ඉතුරු වැඩ ටික බලමු නේ sir..."?

"ඔව්....ප්‍රින්සිපල් sir permission දුන්නා ඔන්න ඔයාලට අදම house හදන්න...රෑ ඉන්න එකත් අවුලක් නැති වෙයි...හැබැයි රෑ ඉන්න ඒවගෙ වගකීම උඹල ගන්න ඕනි...ගුරුවරු කීප දෙනෙක් කොහොමත් ඉන්නවා..."

"It's ok sir....අපි ඒවා balance කර ගන්නම්..."

"කෝ සුලක්කන...."?

"ආආආ...අතන කාගිල්ස් එකට ගියා අයිස් ක්‍රීම් අරගෙන එන්න...අව්වේ ගිහින් මහන්සි sir..."

සුලක්කන අයිය අයිස් ක්‍රීම් bag එකක් අරගෙන ආවා අපි ඔක්කෝටම...සිරාවට මං හිටියේ හෙන තිබහෙ...අතන මෙතන ඇවිදලා....මේ ලඟ ගෙදරක ගස් වගයක් කපලා දාල කියල ඒවගෙ කොට අපිට දුන්නා...කෝට්ට පොර ගහන එක එහෙම හදන්න...තව කනා මුට්ටි බිඳින්න ඕනේ මුට්ටි, ලණු,එහෙම ඔක්කොම අපි ගත්තා..ස්කොලෙ කලින් පාරවල් වල ගත්ත කඹ අඳින තඩි කඹ නම් තියනවා...ඒ නිසා ආයේ ඒවා ගත්තෙ නෑ...ආයේ එක එක තරඟ වලට ඕන දේවල් වෙන වෙනම ගන්න ගිහින් එපා වුණා...

අපිට බන් ස්කොලෙ සංවර්ධන සමිතියෙන් මේවට ඕන සල්ලි දෙනව...ඒ ඇරෙන්න ආදී ශිෂ්‍ය club එකෙන් ගොඩක් ඒවට sponsor කරයි..ඒ නිසා ලොකු අවුලක් නෑ...මොකද ගොඩක් sponsor කරන ලොකු company වල ඉන්නෙ අපෙ ස්කොලේ ආදී ශිෂ්‍යයෝ...house හදන වැඩ වලට ඕන දේවල් නම් section එකේ අය manage කර ගන්න ඕනෙ...මේවා පොදුවේ අවුරුදු උත්සවයට ඕනි දේවල්...

_ආදර_සමීකරණ_Where stories live. Discover now